හඳුන් දිවියකුගේ සිරුරක් හමුවෙයි


රංජිත් රාජපක්ෂ 
                       
වාහනයක ගැටී මිය ගිය හඳුන් දිවියකුගේ සිරුරක් අද (26) අලුයම හමු වී ඇති බව දිඹුල පොලිසිය පවසයි.


හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල රෝහලට නුදුරු ස්ථානයකදී මෙම හඳුන් දිවියාගේ සිරුර හමු වී ඇත.


හොදින් වැඩුණු මෙම හඳුන් දිවියාගේ ශරිරය පුරා තුවාල කිහිපයක් ද තිබෙන අතර, මෙම හඳුන් දිවියා එම මාර්ගයේ ගමන් ගන්නා වාහනයක ගැටී ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවට දිඹුල පොලිසිය සැකකරයි.


තේ වතු ආශ්‍රිතව සැරිසරන මෙවැනි හඳුන් දිවියන් විශාල ප්‍රමාණයක් පසුගිය කාලය තුළ  මෙවැනි අනතුරුවලට හා මර උගුල් ඇටවීම නිසා ජිවිතක්ෂයට පත් වී ඇත.


මියගිය හඳුන් දිවියාගේ සිරුර නල්ලතන්නිය වනජිවී කාර්යාලයේ නිලධාරින්ට බාර දීමට දිඹුල පොලිසිය කටයුතු කර ඇත.