සුගිය වසර කිහිපය තුළ, ලොව විශාලතම නැව් සමාගම් කිහිපයකට අයත් නෞකා RO-RO මෙහෙයුම් කටයුතු සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තුළ සහ ඉන් පිටත ක්‍රියාත්මක වීමත් සමඟ, වාහන ප්‍රතිනැව්ගත කිරීම සඳහා ජාත්‍යන්තර වරායන් අතර ඉහළතම නම් ලත් වරායක් ලෙස ස්ථානගත වී ඇතැයි එම වරාය සමාගම සඳහන් කරයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසන්නේ, ඉහළ ප්‍රමිතීන් සඳහා ගෞරව නාම ලබනවාත් සමගම, වරාය මීළඟ පියවර දෙස බැලිය යුතු බවයි. ඒ මහතා මෙසේද සඳහන් කළේය. “පිරිපහදුව, බලශක්ති කේන්ද්‍රය, සහ බහාලුම් ප්‍රතිනැව්ගත කිරීම යන තුනම මේ සඳහා වැදගත්. බහාලුම් හැසිරවීම සඳහා පරිපූර්ණ පිවිසීමක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යයි. ඒ සඳහා දියුණු කළ හැකි විශාල වෙළෙඳපොළක් තිබෙන අතර, එක්සත් ශ්‍රී ලාංකික සන්නාමයක් යටතේ අපට එය අත්පත් කර ගැනීමට පුළුවන්. එසේ කිරීමෙන් රටට ප්‍රතිලාභ ලැබෙනවා පමණක් නොව, ඉන්දු-පැසිෆික් සහ ඈත පෙරදිග කලාපයන්හි නිෂ්පාදකයන්ටත් පිරිවැය වාසි ලබා ගත හැකි වනු ඇති. එමෙන්ම, ඈත පෙරදිග, ගල්ෆ් සහ යුරෝපීය රටවල සිට අප්‍රිකානු වෙළඳපොලවල් වෙත ළඟාවීමට ද රුකුලක් වනු ඇති.’’
HIP හිමිකරගත් නවතම සහතිකය වන්නේ, 2022 අප්‍රේල් 1 සිට 2023 මාර්තු 31 දක්වා කාලසීමාව තුළ කිසිදු හානියකින් තොරව තම මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සහ ආරක්ෂිතව මෝටර් රථවාහන හැසිරවීම වෙනුවෙන් MOL නැව් සමාගමෙන් ලත් ඇගයීම් ප්‍රදානයයි. පසුගියදා චෙන්නායි හි Residencyහෝටලයේ පැවති නැව් සමාගමේ (ඉන්දියානු සහ ඉන්දියානු සාගර කලාපීය) වාර්ෂික සිවිද්‍යෝරු (Stevedore) රැස්වීමේදී වාර්ෂිකව 40,000 කට අධික MOL හැසිරවීම යන කාණ්ඩය යටතේ මෙම සම්මානය පිරිනමන ලදී.
ප්‍රමිතිය, සෞඛ්‍යය, ආරක්ෂාව සහ පරිසරය (QHSE) කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ශ්‍රී ලංකාවේ ISO සහතික ලත් එකම වරාය වන HIP ස්ථීර පිළිවෙත් සහ ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිය RORO මෙහෙයුම් සඳහා සම්මාන කිහිපයක්ම දිනා තිබෙනවා. “දේශීය සහ ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුගත වීම අනිවාර්යය වශයෙන් කළ යුත්තක් ලෙස අප සලකනවා. පාරිසරික ප්‍රමිතීන්, රේගු ක්‍රියා පටිපාටි සහ අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයේ (IMO) රෙගුලාසිවලට අනුකූලවීම වැනි සියලුම අංශ දෙස අපගේ අවධානය යොමු වන අතර වරායේ සියලුම මෙහෙයුම් නියමිත ප්‍රමිතීන්ට අනුකූලව පවත්වන බව සහතික කිරීම සඳහා විගණන සහ පරික්ෂා නිතිපතා සිදුකරනවා”.
595