ඊශ්‍රායලයට පසුගිය 7 වැනිදා කඩා වැදි පහර දුන් අවස්ථාවේ, ගාසා හමාස් සටන්කාමීන් පැහැරගෙන ගොස් රදවන් සිටි ඇමෙරිකන්-ඊශ්‍රායල මවක සහ දියණියක නිදහස් කිරීමට එම සටන්කාමීන් කටයුතු කර තිබේ.
නිදහස ලැබුවේ ජුඩිත් තායි රාන් සහ දියණිය නටලී ෂෝෂානාය.
හමාස් සටන්කාමීන් මොවුන් දෙදෙනා ඊශ්‍රායල හමුදා සෙබළුන්ට බාර දී ඇති බවත්, ඔවුන් යළි ඊශ්‍රායලයට පැමිණි බවත් වාර්තා වේ.
මව සහ දියණිය නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් කටයුතු කිරිම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ද සතුටට හේතුවක් වී ඇත.
(අල් ජසීරා)