හවුති සටන්කාමීන්ට ඇමෙරිකාවෙන් ප්‍රහාර


ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඉලක්ක කරගෙන ඇමෙරිකන් හමුදා ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකන් හමුදා හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඊයේ (15) යේමනයට එල්ල කළ ප්‍රහාරවලින් 31 දෙනකු මියගිය බවත්,‍ 101 දෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු බවත්ය.

හවුති සටන්කාමීන්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන සන්නද්ධ කණ්ඩායමකි. ඉරානය සහ ලෙබනනය හවුති සටන්කාමීන්ට අවි ආයුධ ලබා දෙයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට පහර දෙන බැවින්, හවුති සටන්කාමීන් ඊශ්‍රායල ඉලක්කවලට පහර දෙයි. ඊශ්‍රායලයට සහාය දක්වන ඇමෙරිකාව, හවුති සටන්කාමීන් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස ද නම් කර ඇත. රතු මුහුදේ බටහිර නැව්වලට ප්‍රහාර එල්ල කරන්නේ ද මෙම හවුති සටන්කාමීන්ය.

(ඒ.එෆ්.පී.)