හැටන් - කොළඹ මාර්ගයේ ගමන පරෙස්සමෙන්


(රංජිත් රාජපක්ෂ)                       

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව සහ මීදුම් තත්ත්වය හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන පැදවීම අවදානම් තත්ත්වයක් ගෙන තිබේ.  හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්ගල දක්වා දැඩි මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වන වාහන පැහැදිලි ලෙස දර්ශනය නොවීමෙන් රථ වාහන ගමනාගමනය අවදානම් වී තිබේ.

එම මාර්ගයේ ගමන්ගන්නා රථ වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් රිය ධාවනය කරවන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ට උපදෙස් දෙයි. එම මාර්ගයට පස් කඳු සහ ගස් කඩා වැටීමේ අවදානමක් ද පවතින බව පොලිසිය කියා සිටියි.