හැරිසන් කෘෂිකර්ම ඇමැති ධූරයේ වැඩබාරගනී


 

“අපේ අගමැති ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමෙන් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වුණා. ජනපති ගත් පියවර නිසා එතුමාගේ ඡායාරූපයට මල් පහන් පිදිය යුතුයි” යි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර ජලජ සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා  පැවසීය.


අමාත්‍ය ධුරයේ වැඩ බාර ගනිමින් ඔහු අද (21)  එසේ පැවැසීය.


සමහරුන් ජනපතිට දොස් පැවරුවත් තමා කිසිදිනක එවැන්නක් නොකළ බව කී අමාත්‍යවරයා පසුගිය කාලය තුළ රජයක් ලෙස විවිධ අඩුපාඩු තිබූ බවද කීය.

 

 (අංජුල මහික වීරරත්න)
(ඡායාරූප - ඉෂාන් සංජිව)