අයියණ්ඩිය විලියම් කුමරු තමන්ට පහර දුන් බව හැරී කුමරු සිය ස්වයං චරිතාපදානයේ සඳහන් කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත පවසයි.
හැරී කුමරුග් ලියූ ස්වයං චරිතාපදානය නම් කර ඇත්තේ ‘Spare’ යනුවෙනි. ‘Spare’ ස්වයං චරිතාපදානය, ලබන ජනවාරි 10 වැනිදා නිකුත් කිරීමට නියමිතය.
‘ද ගාඞ්යන්’ පුවත්පත එහි සඳහන් කරුණු කාරණා කීපයක් ප්‍රසිද්ධියට පත් කළේ ‘Spare’ කෘතිය වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර, ඔවුන් අතට පත්වුණු පිටපත පාදක කර ගනිමිනි.
හැරී කුමරු සහ විලියම් කුමරු අතර බහින් බස් වීම් සිදුවී, විලියම් කුමරු හැරී කුමරුන්ට බිම වැටෙන්න පහර දී ඇති බව හැරී කුමරු සිය චරිතාපදානය හරහා පවසා තිබේ.
බහින් බස් වීමට හේතුව හැරී කුමරුන්ගේ බිරිඳ මෙගාන් මාකෙල්ය.
(එන්.ඩී.ටීවී.)