හිටපු 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා ස්වර්ගස්ථ වූ බව අද(31) වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.අද(31) වතිකානු වේලාවෙන් උදෑසන 9.34 ට වතිකානයේ මේටර් ඉක්ලීශියායි පල්ලියේදී 16 වෙනි බෙන්ඩික්ට් හිටපු පාප්තුමා ස්වර්ගස්ථ වී තිබේ.
ස්වර්ගස්ථ වන විට 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා 95 වෙනි වියේ පසුවිය.2005 වසරේ අප්‍රේල් 19 වැනිදා සිට 2013 වසරේ පෙබරවාරි 11 වැනිදා ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කරන තෙක් 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා සිය ධුරයේ කටයුතු කළේය.
පාප් පදවියේ වගකීම දැරීමට තමන්ට කායිකව නොහැකි යැයි හැඟෙන බව පවසමින් පල්ලියේ වසර 2000 ක ඉතිහාසය තුළ ඉල්ලා අස්වූ ප්‍රථම පාප්තුමා වන්නේ ද 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමාය.
034