හිටපු ජනාධිපතිනිය මුලතිව් සංචාරයක


 

(රොමේෂ් මධුෂංඛ)
 
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (9) උදෑසන මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අතර මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවකට ද සහභාගී වූවාය.

මුලතිව් වෙත පැමිණි හිටපු ජනාධිපතිනිය පිළිගනු ලැබුවේ මුලතිව් දිස්ත්‍රික් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මිය වූ අතර පසුව මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක නිරතවිණි.

පසුගිය දිනයන්හි ගංවතුර හේතුවෙන් ආපදාවන්ට පත් වූ වැව් හා නිවාස සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මුලතිව් දිස්ත්‍රීක් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ එහිදී හිටපු ජනාධිපතිනිය සාකච්ඡාවක නිරත වූවාය.