හිටපු නාවික - ගුවන් හමුදා ප්‍රධානීවරු උසස්වීම් ලබති


(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු ප්‍රධානී අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්යන තනතුරෙහිත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්යන තනතුරෙහිත් පිහිටුවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අද (19) පැවැති විශේෂ උත්සවයක දී සිදුකෙරිණි.

මෙහිදී ඒ දෙදෙනාගේ තනතුරුවලට අදාළ සන්නස් පත්‍ර සහ නිල යෂ්ටි පිරිනැමීම සිදුවූයේ ජනපතිවරයා අතිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්ප්‍රාප්තියත් සමග උත්සවයේ නිල කටයුතු ආරම්භ කෙරුණු අතර ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාළියක් සහ ජනාධිපතිවරයාට ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිරිනැමීම ඉන් අනතුරුව සිදුකෙරුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රධාන පීඨිකාවට ගමන් කළහ. ඉන් අනතුරුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරු වෙනම පීඨිකාවලට ගමන් කළහ.

අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ මහතාට ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ ගෞරවණීය තනතුර පිරිනැමීමේ හේතු පාඨය කියවනු ලැබූවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසිනි.

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ ගෞරවණිය තනතුරට පත් කරමින් ඊට අදාළ යෂ්ටිය සහ සන්නස් පත්‍රය පිරිනැමීය.

ඊට පසුව නාවික හමුදා නිලධාරියෙක් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ තනතුරට අදාළ ධජය එසවීය.

එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) රොෂාන් ගුණතිලක මහතාට ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ ගෞරවණීය තනතුර පිරිනැමීමේ හේතුපාඨය කියවනු ලැබූවේද අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසිනි.ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) රොෂාන් ගුණතිලක මහතා ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ ගෞරවණීය තනතුරට පත් කරමින්, ඊට අදාළ යෂ්ටිය සහ සන්නස් පත්‍රය පිරිනැමීය. ඊට පසුව ගුවන් හමුදා නිලධාරියෙක් ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ තනතුරට අදාළ ධජය එසවීය.

මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා 1978 වසරේදී ශිෂ්‍යභට නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා හමුදාවට එක් වූ අතර වසර තිස් පහක හමුදා දිවියේදී පියාසර පැය 4,200ක් ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා මෙහෙය වූ ගුවන් නියමුවකු ලෙස වාර්තාවක් පිහිටුවා ඇත. ගුණතිලක මහතා සක්‍රීය සේවයේ යෙදී සිටියදීම එයාර් චීෆ් මාර්ෂල් නිලය දක්වා උසස්වීම ලද එකම ගුවන් හමුදා නිලධාරියාද වේ.

මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා 2006 ජුනි 11 වැනිදා 12 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වීම් ලැබීය. සතුරු භූමියට සිය යානා පියාසර කරමින් සතුරන් අඩපණ කිරීම සඳහා දැක්වූ නිර්භීතකම හේතුවෙන් ගුණතිලක මහතා දෙවරක් ‘රණ වික්‍රම පදක්කමෙන්’ පිදුම් ලබා ඇත. ගුණතිලක මහතා 2009 වසරේ සිට 2013 වසර දක්වා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ද හෙබවීය.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා 1971 අගෝස්තු 1 වැනිදා ශිෂ්‍යභට නිලධාරියකු ලෙස නාවික හමුදාවට එක්විය. වසන්ත කරන්නාගොඩ මහතා 2005 වසරේ සැප්තැම්බර් 1 වැනිදා 15 වැනි නාවික හමුදාපතිවරයා ලෙස රාජකාරි ඇරැඹීය. වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාපති ධුරයට පත්වීමත් සමඟ නව සංග්‍රාමික උපක්‍රම නාවික හමුදාවට හඳුන්වාදෙමින් සතුරු නෞකා ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණෙන තෙක් බලා නොසිට සතුරු නෞකා සොයාගොස් ප්‍රහාර එල්ල කිරීමේ පිළිවෙත ක්‍රියාවට නැංවීය. එම සැලැසුම් හේතුවෙන් සැතපුම් දහස් ගණනක් හඹාගොස් ජාත්‍යන්තර මුහුදේ ඇති එල්.ටී.ටී.ඊ. පාවෙන අවි ගබඩා නෞකා 8ක් විනාශ කිරීමට නාවික හමුදාව සමත්විය.

කරන්නාගොඩ මහතා නාවික හමුදාව ශ්‍රී ලංකා මුහුදේ පමණක් නොව ජාත්‍යන්තර මුහුදේ සටන් කළ හැකි නාවික හමුදාවක් බවට පත් කළ අතර විදේශීය නාවික හමුදාපතිවරුන් සමඟ මිත්‍රශීලී සම්බන්ධතා පවත්වා ගනිමින් අවි ගබඩා සහිත නෞකා සොයා ගැනීමට අවශ්‍ය බුද්ධි තොරතුරු ලබාගැනීමට කටයුතු කර ඇත. තිස් වසරක සිවිල් යුද්ධය අවසන් කිරීමට එම ක්‍රියා බොහෝ සෙයින් උපකාරි විය. සක්‍රීය සේවයේ යෙදී සිටියදීම අද්මිරාල් තනතුරට උසස්වීම් ලද එකම නාවික හමුදාපතිවරයා වන්නේ ද කරන්නාගොඩ මහතාය.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන තනතුරටත්  සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ තනතුරටත් පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව ඉකුත් අගෝස්තු මාසයේ 6 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරුණි.

‘ත්‍රස්තවාදය ශ්‍රී ලංකා මාතෘ භූමියෙන් තුරන් කිරීම සඳහා විදහා පෑ නිර්භීතභාවය, ජාතියට පුදකළ ප්‍රශංසනීය සේවය හා සිදුකළ අද්විතීය මෙහෙවර ඇගයීම උදෙසා’ අදාළ ගෞරව තනතුරු හිටපු නාවික හමුදාපතිවරයාට සහ හිටපු ගුවන් හමුදාපතිවරයාට පිරිනමන බව එම අතිවිශේෂ ගැසට් පත්‍රයේ දැක්විණි.

මීට පෙර මෙවැනි ගෞරවණීය නිලයක් පිරිනැමුණේ හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටය. ජනාධිපතිවරයා විසින් ඔහු ‘ෆීල්ඞ් මාර්ෂල්’ තනතුරට උසස් කරන ලදී.

ෆීල්ඞ් මාර්ෂල් තනතුර යුද හමුදාවේ ඉහළම තනතුර ද ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ තනතුර නාවික හමුදාවේ ඉහළම තනතුර ද වන අතර ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ ගුවන් හමුදාවේ ඉහළම තනතුර වේ. මෙම තනතුරු ත්‍රිත්වයම තරු පහේ නිල ය.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් සහ ත්‍රිවිධ හමුදාවේ වත්මන් හා හිටපු නිලධාරීන් ඇතුළු පිරිසක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පැවැති මෙම විශේෂ උත්සවයට එක්ව සිටියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රධාන පීඨීකාවට ගමන් කළහ. එයින් අනතුරුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරු වෙනම පීඨීකාවලට ගමන් කළහ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ මහතාට ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ ගෞරවනීය තනතුරු දීම සඳහා වන උධෘතය කියැවීය.

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ ගෞරවනීය තනතුරට පත් කරමින් ඊට අදාළ යෂ්ටිය සහ සන්නස් පත්‍රය පිරිනැමීය. නාවික හමුදා නිලධාරියෙක් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ තනතුරට අදාළ ධජය එසවීය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) රොෂාන් ගුණතිලක මහතාට ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ ගෞරවනීය තනතුරු දීම සඳහා වන උධෘතය කියැවීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) රොෂාන් ගුණතිලක මහතා ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ ගෞරවනීය තනතුරට පත් කරමින් ඊට අදාළ යෂ්ටිය සහ සන්නස් පත්‍රය පිරිනැමීය. ඉන්පසු ගුවන් හමුදා නිලධාරියෙක් ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ තනතුරට අදාළ ධජය එසවීය.

මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා 1978 වසරේ දී ශිෂ්‍ය භට නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වූ අතර වසර තිස් පහක හමුදා දිවියේදී පියාසර පැය 4,200ක් ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා පියාසර කර ඇත. ගුණතිලක මහතා සක්‍රීය සේවයේ යෙදී සිටියදීම එයාර් චීෆ් මාර්ෂල් නිලය දක්වා උසස්වීම ලද එකම ගුවන් හමුදා නිලධාරියාද වේ. මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා 2006 ජූනි 11 වැනිදා 12 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වීම් ලැබීය. සතුරු භූමියට සියා යානා පියාසර කරමින් සතුරුන් අඩපණ කිරීම සඳහා දැක්වූ නිර්භීතකම හේතුවෙන් ගුණතිලක මහතා දෙවරක් ‘රණ වික්‍රම පදක්කමෙන්’ පිදුම් ලබා ඇත. ගුණතිලක මහතා 2009 වසරේ සිට 2013 වසර දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ද හෙබවීය.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා 1971 අගෝස්තු 1 වැනිදා ශිෂ්‍යභට නිලධාරියකු ලෙස නාවික හමුදාවට එක්විය. වසන්ත කරන්නාගොඩ මහතා 2005 වසරේ සැප්තැම්බර් 1 වැනිදා 15 වැනි නාවික හමුදාපතිවරයා ලෙස රාජකාරි ඇරැඹීය. වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාපති ධුරයට පත්වීමත් සමඟ නව සංග්‍රාමික උපක්‍රම නාවික හමුදාවට හඳුන්වාදෙමින් සතුරු නෞකා ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණෙන තෙක් බලා නොසිට සතුරු නෞකා සොයාගොස් ප්‍රහාර එල්ල කිරීමේ පිළිවෙත ක්‍රියාවට නැංවීය. එම සැලැසුම් හේතුවෙන් සැතපුම් දහස් ගණනක් හඹාගොස් ජාත්‍යන්තර මුහුදේ ඇති එල්.ටී.ටී.ඊ. පාවෙන අවි ගබඩා නෞකා 8ක් විනාශ කිරීමට නාවික හමුදාව සමත්විය. කරන්නාගොඩ මහතා නාවික හමුදාව ශ්‍රී ලංකා මුහුදේ පමණක් නොව ජාත්‍යන්තර මුහුදේ සටන් කළ හැකි නාවික හමුදාවක් බවට පත් කරන ලද අතර විදේශීය නාවික හමුදාපතිවරුන් සමඟ මිත්‍රශීලී සම්බන්ධතා පවත්වා ගනිමින් අවි ගබඩා සහිත නෞකා සොයා ගැනීමට අවශ්‍ය බුද්ධි තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලදි. තිස් වසරක සිවිල් යුද්ධය අවසන් කිරීමට එම ක්‍රියා බොහෝ සෙයින් උපකාරි විය. සක්‍රීය සේවයේ යෙදී සිටියදීම අද්මිරාල් තනතුරට උසස්වීම් ලද එකම නාවික හමුදාපතිවරයා වන්නේ ද කරන්නාගොඩ මහතාය.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන තනතුරටත්  සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක යන මහතා ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ තනතුරටත් පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව ඉකුත් අගෝස්තු මාසයේ (6) වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරුණි.

‘ත්‍රස්තවාදය ශ්‍රී ලංකා මාතෘ භූමියෙන් තුරන් කිරීම සඳහා විදහා පෑ නිර්භීතභාවය, ජාතියට පුදකළ ප්‍රශංසනීය සේවය හා සිදුකළ අද්විතීය මෙහෙවර ඇගයීම උදෙසා’ අදාළ ගෞරව තනතුරු හිටපු නාවික හමුදාපතිවරයාට සහ හිටපු ගුවන් හමුදාපතිවරයාට පිරිනමන බව එම අති විශේෂ ගැසට් පත්‍රයේ දැක්විණි.

මීට පෙර මෙවැනි ගෞරවනීය නිලයක් පිරිනැමුණේ හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටය. ජනාධිපතිවරයා විසින් ඔහු ‘ෆීල්ඞ් මාර්ෂල්’ තනතුරට උසස් කරන ලදි.

ෆීල්ඩ් මාර්ෂල් තනතුර යුද හමුදාවේ ඉහළම තනතුර ද ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ තනතුර නාවික හමුදාවේ ඉහළම තනතුර ද වන අතර ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ ගුවන් හමුදාවේ ඉහළම තනතුර වේ. මෙම තනතුරු තුනම තරු පහේ නිලය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරු සහ ත්‍රිවිධ හමුදාවේ වත්මන් හා හිටපු නිලධාරීහු ඇතුළු පිරිසක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පැවැති මෙම විශේෂ උත්සවයට එක්ව සිටියහ. 

(ඡායාරූප - ඉෂාන් සංජීව)