(ජේ.කේ .එල් චාමින්ද)
සුදු සීනි තොගයක් සමග නිත්‍යානුකුල නොවන ආකාරයට දුඹුරු සිනි තොගයක් ආනයනය කිරිම නිසා රේගුව ආනයනකරුට පනවා තිබු දණ්ඩන මුදල හිටපු මුදල් ඇමතිවරයා මිලියන 30කින් අඩුකිරිමට අනුමැතිය ලබාදිම හේතුවෙන් රජයට රුපියල් පන්කෝටි, හැටඑක්ලක්ෂ, හයදහස්තුන්සිය තිස්තුනක (56,106,333) පාඩුවක් සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
ඉන්දියාවේ සිට සුදු සීනි තොගයක් සමග නිත්‍යානුකුල නොවන ආකාරයට දුඹුරු සිනි මෙට්‍රික්ටොන් 607.55ක් මෙකි ආනයනකරු විසින් ආනයනය කොට තිබුණි.
රේගුව මේ පිළිබද කරණු ලැබු විමර්ශනය අවසානයේ දි ආනයනයකරුට එරෙහිව රුපියල් පන්ලක්ෂයක දඩයක් සහ රුපියල් 189,293,778ක දණ්ඩනයක් පනවා තිබුණි.
ආනයනකරු එකි දණ්ඩනය ගෙවිමට එකගවිම මත සිනි තොගය රාජසන්තක නොකර රුපියල් 190,000,000 ක බැංකු ඇපකරයක් මත සිනි තොගය රේගුවෙන් නිදහස්කරගෙන තිබුණි.
රජයට ලැබිය යුතු නියමිත බදු ආදායම අයකර ගත යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
ශ්‍රිලංකා රේගුව විසින් විගණනයට සදහන් කොට ඇත්තේ මුදල් ඇමතිවරයා විසින් දණ්ඩන මුදල රුපියල් මිලියන 30කින් ලිහිල් කිරිමට තින්දුකොට ඇත්තේ රේගු ආඥාපනතේ 165 වැනි වගන්තිය අනුව බවයි.
ප්‍රශ්නගත දුඹුරු සිනි තොගය නිත්‍යානුකුලව ආනයනය කළේ නම් ඒ සදහා ගෙවිය යුතු බදු මුදල රුපියල් පන්කෝටි,හැටහතරලක්ෂ,දසදහස්,අසුතුනකි (56,410,083) බවද රේගුව විසින් විගණනයට සදහන් කොට ඇත.
සුදු සිනි හා දුඹුරු සීනි යන වර්ග දෙකෙන්ම යුක්තවු මුළු සිනි තොගයේ බර මෙට්‍රික්ටොන් 1,214,90කි. ඒකි මුළු සිනි තොගයම සුදු සිනි ලෙස සදහන් කරමින් රුපියල් 303,750.00ක බදු මුදලක් ආනයනකරු රජයට ගෙවා ඇති බවද රේගුව විසින් විගණනයට සදහන් කොට ඇත.