හිස් වැසුමකින් ගසා අයෙක් මරණයට පත් කළ අඹු-සැමි යුවළ අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මිල්ලනිය දෙල්දොර වත්ත ප්‍රදේශයේදී  13 හැවිරිදි  දියණිය ඉදිරිපිට දී පියෙකුට අමානුෂික ලෙස ආරක්ෂක හිස් වැස්මකින් සහ කුරුඳු පොල්ලකින් පහර දී ඝාතනය කර පලාගොස් සැඟව සිටි අඹුසැමි යුවළ  අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනිය දෙල්දොරවත්ත  ප්‍රදේශයේ පදිංචි කුලී වැඩවලට නිරත ගයාන් රුක්මාල් 35 නැමැත්තෙකි.

මියගිය පුද්ගලයාගේ බිරිඳ මීට වසර අටකට පමණ ඉහතදී වෙනත් පුද්ගලයකු සමග පලායාමෙන් අනතුරුව පිහි ප්‍රහාරයට ලක්ව ඝාතනය වී තිබූ අතර දැරිය අත්අඩංගුවට ගත් සැකකාරිය බාරයේ හැදී වැඩී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දැරියගේ වියදම් වෙනුවෙන් එකී නැන්දනිය වෙත  ඝාතනයට ලක් වූ   පුද්ගලයා මාසිකව රුපියල් 8000 ක මුදලක් ගෙවිය යුතු බව අධිකරණ නියෝගයක්ද වසර කීපයකට  ඉහතදී නිකුත්ව තිබූ බව පොලිසිය සඳහන් කරයි. එම මුදල් ලබා ගැනීමට ගිය අවස්ථාවක සිදුවූ සිද්ධියකින් මෙම මරණය සිදු වි තිබිණි.