හුදකලාවෙන් මිදී ජීවනෝපාය සොයා යති


 

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සංචරණ සීමා පනවා හුදකලා කර තිබුණද කොළඹ නගරයේ දෙමටගොඩ, බොරැල්ල, වැල්ලම්පිටිය, අයි.ඩී.එච්, කොලොන්නාව ඇතුළු බොහෝ ප්‍රදේශයන්හි එදිනෙදා ජීවනෝපාය කෙසේ සරි කරගන්නා මිනිසුන් දැකගතහැකි විය.

ඒ අතර බොරැල්ල මංසන්දියේ කාලයක සිට වෙසෙන සිය ගණනක පරෙවියන් රංචුවේ කුසගිනි නිවා දැමීමට පැමිණි තරුණයෙක් ද , කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සෞඛ්‍යාරක්ෂිතව කුඩා දරුවන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ද , සැමගේ ආරක්ෂාව වෙනුවෙන් මහ මග  මාර්ග බාධකයන්හි රාජකාරි කරන පොලිස් නිලධාරීහු ද වූහ.