හෙක්ටර් කොබ්බෑකඩුව ගුණ සැමරේ


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

හිටපු කෘෂි­කර්ම හා ඉඩම් අමාත්‍යවරයකු වූ දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 37 වැනි ගුණානුස්මරණ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07,විජයාරාම පාරේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතන පරිශ්‍රයේදී අද (18) පැවැත්විණි.

උත්සවය ආරම්භ කරමින්, එහිදී  අග්‍රාමාත්‍යවරයා විසින් හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන , රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්‍ෂ , අනුරාධ ජයරත්න සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව මහතා 1970 දී ජනතා වරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව  සමගි පෙර­මුණු රජයේ කෘෂි­කර්ම හා ඉඩම් ඇමැති ධුර­යට පත් වූයේය.

මෙහිදී ඔහු සතු  පෞද්ගලික ඉඩම් පවා ජනතා සන්තක වන පරිදි දැඩි උත්සා­හ­යෙන් යුතුව, ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ පනත සම්මත කර­ග­ත්තේය. මේ හේතුවෙන්  අක්කර දස­ල­ක්ෂ­ය­ටත් අධික ඉඩම් ප්‍රමා­ණ­යක් රජ­යට පව­රා ­ගැ­නුණු අතර, එයින් අක්කර ලක්ෂ 7ක් පමණ ඉඩමක් නොමැති  අහිං­සක ජන­තා­වට බෙදා දී දිළිඳු බව තුරන් කරන අත­රේම, දේශීය කෘෂි නිපැ­යුම ඉහ­ළට ඔසවා තබනු ලැබීය.

පව­රා­ගැ­නුණු සෙසු ඉඩම් උඩ­රට වතු සංව­ර්ධන මණ්ඩ­ලය, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංව­ර්ධන මණ්ඩ­ලය, ජනා­වාස කොමි­ෂන් සභාව වැනි ආය­ත­න­ව­ලට පවරා, දේශීය කෘෂි­භෝග නිෂ්පා­ද­නය ඉහළ නැංවී­මෙන් විදේ­ශ­ව­ලට ඇදී­ගිය මහා ධන­ස්ක­න්දය මෙර­ටට ඉතිරි කර­ගනු ලැබිණි. මේ ක්‍රියා­දා­ම­යෙන් උතුරේ මෙන්ම දකු­ණේද ගොවි­යාට ලැබුණේ ඉම­හත් සහ­න­යකි.