හෙද සිසුවියන්ට හිස් වැසුම් පළඳවති


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

කොළඹ හෙද විදුහලේ 2017 -A සිසු හෙද කණ්ඩායම සඳහා හිස් වැසූම් පැළඳවීම හා සේවයට කැප වීමේ උලෙළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) අරලියගහ මැදුරේදී පැවැත්විණි.

මෙහිදී විශිෂ්ට දක්ෂතා දැක්වූ හෙදියන් කිහිපදෙනෙක් අග්‍රාමාත්‍යවරයා අතින් විශේෂ පදක්කම් ලැබූහ.

රාජ්‍ය හෙද එක්සත් වෘත්තීය සමිතියේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්,කොළඹ හෙද විදුහලේ විදුහල්පතිනි ඩබ්ලිව්. එස්. ඩබ්ලිව්. පියසේන මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.