හෙරොයින් සමඟ නාවික හමුදා බාරයට ගත් නෞකාව වරායට


(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එකතුව පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් කිලෝ 250 ක් සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාව කොළඹ වරායට අද (15) පෙරවරුවේ රැගෙන ආවේය.

එම යාත්‍රාව පාකිස්තානු සහ ඉරාන ජාතිකයන් හය දෙනෙක් ද සමඟ අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවටගත් යාත්‍රාව සහ හෙරොයින් තොගය නිරීක්‍ෂණය කිරීමට ආරක්‍ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා ද වරායට පැමිණ සිටියේය.