ළමා රෝහලේ සුව විරුවෝ බුදු තෙමඟුලට සැරසෙති


(ළහිරු හර්ෂණ)

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් පොහෝ දිනයේදී නිවෙස්වලට වී ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වන ලෙස රජය ජනතාවට දැනුම් දී ඇත.

එබැවින් තම නිවෙස් හා ආයතන පරිශ්‍ර වෙසක් සිරියෙන් අලංකාරවත් කරන්නට බොහෝ දෙනා කටයුතු කරමින් සිටිනු මේ දිනවල දක්නට ලැබෙන අතර කොරෝනා වසංගත අවදානම හමුවේ විසල් මෙහෙවරක් ඉටුකරන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල තමන් ලද විවේකයකදී එම රෝහල් පරිශ්‍රය සැරසීම සඳහා වෙසක් කූඩු නිර්මාණය කරමින් සිටි අයුරු ලංකාදීප කැමරා කාචයේ සටහන් වූයේ මෙසේය.