(හිරාන් ප්රියංකර ජයසිංහ )
මහ වැසි තත්වය ක්රමයෙන් අඩුව ගියද කඩින් කඩ ඇතිවන වැසි හේතුවෙන් ඇතිවු ගංවතුර තත්වයෙන් ජනතාව පිඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ ඒකකයෙ පුත්තලම දිස්ත්රික් කාර්යාලය පවසයි.
පුත්තලම දිස්ත්රික් ලේකම් එච්.එම්.එස්.පී .හේරත් මහතා පවසා සිටියේ මෙම හේතුවෙන් පවුල් 2,418 ක පුද්ගලයින් 8,582 ක් තවමත් පිඩාවට ලක්ව ඇති බවයි.
ක්රමයෙන් ජලය ගලා බැසිම සිදුවුවත් ඇතැම් ප්රාදේශ වල එලෙසම ජලය රැදි ඇති බව දිස්ත්රික් ලේකම් පැවසීය.
මහ වැසිත් සමඟ මෙලෙස පවුල් 2,418 ක පිරිසක පුද්ගලයින් 8,582 ක් මෙලෙස පිඩාවට පත්ව අසරණ වී ඇති බව කියයි.
එයින් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ මාදම්පේ ප්රාදේශීය ලේකම් වසමේ ග්රාම නිළධාරී වසම් 16 ක පවුල් 672 ක පුද්ලයින් 2,499 ක් පිඩාවට පත්ව තිබු බව කියයි.
ඒ සමගම පුත්තලම ප්රාදේශීය ලේකම් බල ප්රදේශයෙ 5 ක පවුල් 586 ක පුද්ගලයින් 2059 ක් පිඩාවට පත්ව තිබු බවද කියයි.
එයට අමතරව හලාවත ප්රාදේශීය ලේකම් බල ප්රදේශයෙ ග්රාම නිළධාරී වසම් 4 ක පවුල් 530 ක පුද්ගලයින් 2070 ක් පිඩාවට පත්ව තිබුණි.
එයට අමතරව දිස්ත්රික්කයෙ මහවැව,මුන්දලම,ආරච්චිකට්ටුව,දංකොටුව,වෙන්නපුව,මහකුඹුක්කඩවල යන ප්රාදේශීය ලේකම් බල ප්රදේශ වලට බලපෑම් එල්ල වී තිබුණි.