බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, ජර්මානු තානාපති කාර්යාලය ඇතුළු බටහිර තානාපති කාර්යාල ශ්‍රී ලංකාවේ ඇති වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය හේතුවක් කරගනිමින් සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කිරීම නිසා දෙසැම්බර් මාසයේදී සංචාරක පැමිණීම් අඩු වී ඇතැයි මෙරට පදිංචි වී සිටින ජර්මානු ජාතික සමාජයීය විද්‍යාඥයකු සහ ආයෝජකයකු වන ඩීට්මර් ඩෝරින්ග් මහතා පැවැසීය.
නත්තලත් සමයත් දෙසැම්බර් මාසයත් යනු ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන සමයක් යැයි ද ඩීට්මර් ඩෝරින්ග් මහතා කීය.
“නත්තල් සමයේදී සහ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා සත්කාරක හා සංචාරක ක්ෂේත්‍ර විශාල ආදායම් උපයනවා. එහෙත් මෙවර රටට එම ආදායම අහිමි වුණා” යැයි ඔහු කීවේය.
“පසුගිය 2017 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත සංචාරක ක්ෂේත්‍රයම අතිවිශාල සංචාරක පැමිණීම්වලින් ප්‍රතිලාභ ලැබුවා. එම වසරේදී ලොව සෑම රටකින්ම පාහේ සංචාරකයන් මෙරටට පැමිණියා. පසුගිය වසරේදී හෝටල් සහ නවාතැන්පළවල් සියල්ලම පාහේ සංචාරකයන්ගෙන් පිරී ඉතිරී ගියා. අවාර සමයේදී සංචාරක පැමිණීම පහත වැටෙන බැවින් සංචාරකයන් පැමිණෙන සමයේදී ඉන් හැකිතාක් ආදායම් ඉපැයීම ඉතා වැදගත්. එහෙත් මෙවර එසේ සිදුවුණේ නැහැ” යැයි ද ඔහු කීවේය.
මෙම දෙසැම්බර් මාසය ශ්‍රී ලංකා ඉතිහාසයේ සංචාරක පැමිණීම් අඩු වූ මාසය සහ ආදායම් දරුණු ලෙස පහත වැටුණු මාසය ලෙස ඉතිහාසයට එක්වනු ඇතැයි ද හෙතෙම කීවේය. විශේෂයෙන්ම බටහිර තානාපති කාර්යාල සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සහ ඒවා ඔවුන්ගේ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කිරීම දෙසැම්බර් මාසයේදී සංචාරක පැමිණීම් පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ද ඔහු කීවේය.
ඬේලිමිරර් ඇසුරිනි
(055)