‘අන්තර්වාර සභාපති ධුරයේ ඉන්න සෝනියා අකමැතියි‘


කොංග්‍රස්  පක්ෂයේ  අන්තර්වාර සභාපතිධූරයේ තවදුරටත් කටයුතු කිරීමට  තමා අකමැති බව සෝනියා ගාන්ධි සිය සහායකයින්ට පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් අල්ජසීරා පුවත සේවය වාර්තා කර සිටී.

 මෙම ඇය මෙම ස්ථාවරය ගෙන ඇත්තේ පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් 20 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් සමාජගත වීමත් සමගය.පක්ෂය තුළ සැළකිය යුතු වෙනස්කම් කළ යුතු බවත් නිත්‍ය සහ පැහැදිළි නායකත්වක් පක්ෂයට අවශ්‍යබවත් ඔවුන් සිය ලිපියෙන් දක්වා තිබුණි.
 
 ඊට ඉන්දියාව පුරා විසිරී සිටින කොංග්‍රස් පක්ෂයේ දෙවැනි පෙළ නායකයින් 300 ක්ද සහාය දක්වා සිටිති.
 
වසර 134ක් පමණ පැරණි ඉන්දීය කොංග්‍රසයේ වැඩිකාලයක් නායකත්වය දරා ඇත්තේ ගාන්ධි පරපුරේ සාමාජිකයින් විසිනි. 73-හැවිරිදි සෝනියා පක්ෂ නායකත්වයෙන් ඉක්මනින් ඉවත්වීමට හෝ වෙනත් නායකයෙක් තෝරා ගැනීමට යම් කාල පරාසයක් ලබාදීමට නියමිත බව වාර්තා වේ.  
 
ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වීමට නියමිතය.
 
අල් ජසීරා ඇසුරෙනි ( 125)