(ටී.කේ.ජී.කපිල )
රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටවී යාමට තැත් කළ ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 35 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකි .
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබූ සාරි තොගයක් අතර මෙම අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ක ප්‍රමාණය සගවා ගෙන සිටියදී , කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .