‘අරගලය’ට වසරක් පිරෙයි


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ඉතිහාසයේ පාලකයන්ට එරෙහිව වඩාත් අවධානය යොමු වූ ජනාතා නැගිටීම ලෙස සැළකෙන ‘2022 අරගලය’ට වසරක් සම්පූර්ණ වීම සමරමින් අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් අද (9) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.

‘ගෝඨා ෆේල් රනිල් සේල්’, ත්‍රස්ත පනත අහෝසි කරනු’ සහ ‘ජනතා බලය ගොඩනගමු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී එම පිරිස විරෝධය දැක්වූහ.

එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහ ආණ්ඩුවට විරෝධය දක්වමින් 2022 වසරේ අප්‍රේල් මස 9 වැනිදා කොළඹ ගාල්මුවදොරදී ඉතාම සුළු පිරිසකගෙන් ආරම්භ වූ ‘අගරලය’ මැයි මස 9 වැනිදා වන විය දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව තිබුණි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, හිටලු අගමැති මහින්ද රාජපක්‍ෂ සහ 2022 වසරේ පැවැති පොදුජන පෙරමුණු ආණ්ඩුව ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකට එම අරගලය හේතුවෙන් තනතුරු අතහැර දැමීමට සිදුවූ අතර අරගලයට සහභාගි වෙමින් සිටි සහ ඒ හේතුවෙන් වූ සිද්ධීන් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු පුද්ගලයන් 40 කට ආසන්න සංඛ්‍යාවක් මරණට පත්වූ බව ද පොලිස් ආරංචි මාර්ග සදඟන් කරයි.

(ඡායාරූප ළහිරු හර්ෂණ)

 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)