‘උත්තර ලංකා සභාගයේ’ රැස්වීමට පහර දෙයි


(යොහාන් භාසුර)

‘උත්තර ලංකා සභාගයේ’ නුවරඑළිය සමුළුව වෙනුවෙන් හඟුරන්කෙත සංස්කෘතික ශාලාව සකස් කර තිබූ වේදිකාවට සහ සැරසිවලට කිසියම් පිරිසක් ඊයේ (26) රාත්‍රී හානිකර තිබූ බව එම සභාගයේ සාමාජිකයෙක් පැවසීය.

එහිදී කිසියම් පිරිසක් රැස්වීම සඳහා සකස් කර තිබූ පුවරු සහ සැරසිලි කඩා බිඳ දමා පුටු පෙරළා තිබූ බවත් ඒවා නැවත සකස් කර රැස්වීම නියමිත පරිදි පැවැත්වීමට කටයුතු කළ බවත් එම සාමාජිකයා වැඩි දුරටත් කීය.