‘එක්ස්ප්‍රස් පර්ල්’ ගැඹුරු මුහුදට අදී


(යොහාන් භාසුර)

කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා වරායේ නාවික මාර්ගයෙන් (නැව් පෙත) ඉවත් කිරීම විදේශ සමාගමකට අයත් ගලවාගැනීමේ කණ්ඩායමක් අද (02) පෙරවරුවේ ආරම්භ කළ බව නාවික හමුදා  මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

නෞකාව තල්ලු කිරීමේ කාර්යට නාවික හමුදා කණ්ඩායමක් ද සහභාගි වී සිටින බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.