‘කළු ග‍ඟ’ ජලාශයෙහි ගිළුණු බුල්ඩෝසරය නාවික හමුදාවෙන් ගොඩගනී



 


 

 

 

මාතලේ- ලග්ගල  පිහිටි කළුගඟ ජලාශයේ  ඉදිකිරීම් කටයුත්තකට යොදවා තිබු  බුල්ඩෝසරයක්  ජලයේ ගිලීමෙන් එය නැවත ගොඩට ගැනීමට නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයෝ සමත් වුහ.

 
කළුඟ ජලාශයේ ඉදිකිරීම් අතර තුරදී ක්‍රියා විරහිත වී ඇති එම බුල්ඩෝසරය  පසුගිය දිනයන්හි පැවැති අධික වර්ෂාවත් සමඟ ජලාශයට ජලය පිරීමෙන් ගොඩට ගෙන ඒමට නොහැකිව  අඩි 70 ක් පමණ ජලයෙන් යට වී තිබිණි. 
 
අනතුරුව එම ඉදිකිරිම් සමාගම නාවික හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත නැගෙනහිර නාවික විධානයට අයත් විධාන කිම්දුම් අංශයට අනියුක්ත නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවික නිලධාරීන්  විසින් එම යන්ත්‍රය  ගොඩට ගනු ලැබුහ.

(36698)