‘ජී7’ රටවල විදේශ ඇමැති හමුව, ජපානයේ ටෝකියෝ අගනුවර පැවැත්විණි. ටෝකියෝ අගනුවරට රැස්වුණු ‘ජී7’ විදේශ ඇමැතිවරුන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා ප්‍රධාන වශයෙන් සාකච්ඡා පැවැත්වූයේ ඊශ්‍රායල හමාස් යුද ගැටුම් සම්බන්ධයෙනි.
සෙසු ‘ජී7’ සාමාජිකයන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ට පෙන්වා දුන්නේ, ගාසා තිරයේ පලස්තීන වැසියන්ගේ ආරක්ෂාව ගැන සිතා ඊශ්‍රායල හමාස් යුද ගැටුම් තාවකාලිකව නවත්වා මානුෂීය සටන් විරාමයකට යා යුතු බවය.
විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව අතරතුරේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් කියා සිටියේ, ‘ජී7’ රටවල් සියලු දෙනා ඊශ්‍රායල හමාස් අර්බුදයේ එකම ස්ථාවරයක සිටිය යුතු බවය.