‘ජෝයි‘ කල්ලියේ තුනක් තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට


 ( සිතුම් චතුරංග)

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී පෙට්‍රල් දමා යතුරු පැදි ඇතුළු රථ වාහන ගිනිතබා නිවසට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනයේ ක්‍රියාත්මක ‘ජෝයි ගෘප්‘ නැමති මැරකල්ලියක තිදෙනකු තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ සමඟ අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි.

 ‘‘ආවා ‘‘ කල්ලියේ ප්‍රබලයකු ලෙස ක්‍රියාකල ජෝයි නැමති අයකු විසින් ඩුබායි සිට මෙම කණ්ඩායම මෙහෙයවා ඇති බවත් සැකකරුවන් සතුව තිබි කඩු හතරක් සහ දකුණු ඉන්දියානු චිත්‍රපට ආභාෂයෙන් නිශ්පාදනය කළ කෙටේරියක් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක්ද සොයාගත් බව පොලිසිය පැවසීය.

පසුගිය 15 වැනිදා අලුයම් කාලයේදී යතුරු පැදි දෙකකින් වැල්වැටිතුරයි නිවසකට පැමිණි හයදෙනකු විසින් එම නිවසට පහරදී පෙට්‍රල් දමා රථ වාහන ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලැබුණ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.