‘ඩයමන්ටිනා’ හා ‘ලී චූන්’ යුද නෞකා ත්‍රිකුණාමලය වරායට


 

(අමදෝරු අමරජීව)
 
 ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘ඩයමන්ටිනා’ හා ‘ලී චූන්’ නැමැති යුද නෞකා දෙක ත්‍රිකුණාමලය  වරායේ අශ්රොප් ජැටිය වෙත පැමිණියේය.

දෙරටේ නාවික කටයුතුවල අත්දැකීම් හුවමාරුකරගැනීමේ අරමුණින් පැමිණි මෙම නෞකා ලබන 20 දා දක්වා ශ්‍රී ලංකාවේ නැංගුරම්ලා තිබේ. 
 
දෙවනලෝක යුධ සමයේ මඩකලපුව මුහුදු තීරයේ මුහුදුබත් වූ නෞකාවක් සේවීමේ මූලික කටයුතුවලට  පැමිණි  මෙම නෞකා සහ එහි කාර්යමණ්ඩලය ත්‍රිකුණාමලය වරායේදී නාවික  සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.
 
 නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා නෞකා දෙකේ අණදෙන නිලධාරිවරුන් සමඟ සුහද පිළිසඳරක යෙදී තිලිණ හුවමාරු කරගත්තේය.