‘පොඩි මැණිකේ‘කොටගලින් නවතී:මගීන් නොසන්සුන්


 

( රංජිත් රාජපක්ෂ)

සංඥා ලබා නොදිම නිසා විනාඩි 30 පමණ කාලයක් කොටගල දුම්රිය ස්ථානයට කිලෝමීටරයක්  පමණ නුදුරින් නතර කර තිබු පොඩි මැණිකේ දුම්රිය පොලිස් නිලධාරින්ගේ මැදිහත් විමෙන්අද  (14)  පස්වරු 1 ට පමණ කොටගල දුම්රිය ස්ථානයට ධාවනය කරවා තිබේ.

එමෙන්ම දුම්රියෙන් ගමන් සිටි මගින් බස් රථ වලින් පිටත් කර යැවිමට පොලිස් නිලධාරින් පියවර ගෙන තිබුණි.

මේ අතර බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදි නතර කිරිම නිසා පොලිස් නිලධාරින්ගේ මැදිහත් විමෙන් එම දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත ගමන් කර එතැන් සිට මගින්ව බස් රථ මගින් පිටත් කර යැවිමට පියවර ගැණින.

දුම්රියෙන් පැමිණි මගින් කොටගල දුම්රිය ස්ථානයේදි නොසන්සුන්කාරි ලෙස හැසිරිය.

මගින්ගේ සහ දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට පොලිසියට අමතරව යුද හමුදාවද කැදවා තිබුණි.


01.10 p.m

 

( රංජිත් රාජපක්ෂ)

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය කොටගල දුම්රිය ස්ථානය ආසන්නයේදි සංඥා නොලැබිම නිසා අද(14)  මධ්‍යහන 12 සිට නතර කර ඇත.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනයක් හේතුවෙන් සියලුම දුම්රිය ස්ථාන වසා දැමිම නිසා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය නතර කිරිමට පියවර ගෙන ඇත.

හැටන් දුම්රිය ස්ථානයද මේ වන විට සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අතර , ශ්‍රි පාද වන්දනාවේ පැමිණ දුම්රියෙන් ගමන් කිරිමට පැමිණි වන්දනාකරුවන් ආපසු හරවා යැවිණි.


Update 2.00 p.m