‘භාණ්ඩාගාරයට එන්න කලින් සල්ලි පිල්ලි ගහනවා ‘


(ආරියරත්න රණබාහු)

රුපියල් කෝටි එක්ලක්ෂ දහදාහක් මුදලක් භාණ්ඩාගාරයට ලැබිය යුතුව ඇතැයි ජාතික ජන බලවේගයේ නායක  ජනාධිපති අපේක්ෂක  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගල්ගමුවේදී පැවසීය.

භාණ්ඩාගාරයට මුදල් ලැබීමට පෙර පිල්ලි ගසන  බව සඳහන් කළ දිසානායක මහතා ඒ අනුව සීනි වලින් පමණක් කෝටි 1100ක මුදලක් සොරකම් කර ඇතැයි කීය.

රජයට බදු නොගොවා ඇති පිරිස අතර  ව්‍යාපාරිකපාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ අනුග්‍රහය ලබන ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් සිටින බවද ඔහු පැවසීය .

මේ රට විනාශ වීමට හේතු අතර  හොරකම දූෂණය වංචාව සහ නාස්තිය  විශේෂම කරුණු යැයිද හෙතෙම සඳහන් කළේය.

මේ තත්ත්වය මගහැර රට මෙන්ම ජනතාවද පොහොසත් කරන ආණ්ඩුවක් සඳහා අවශ්‍ය සියලු සැලසුම් ජාතික ජන බලවේගය මේ වන විට සකස් කර ඇතැයි ද දිසානායක මහතා කීය

ඔහු මෙම අදහස් පළ කළේ ගල්ගමුව නගරයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි..