(රන්ජන් කස්තුරි
ආනයනික වාහන සඳහා වැඩිකළ බද්ද මාර්තු 06 වැනිදාට පෙර ණයවර ලිපි විවෘත කර ඇති ගිණුම්හිමියන්ට බල නොපාන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කළ දිනට පසුදින එනම් මාර්තු 6 වැනිදායින් පසුව ණයවර ලිපි විවෘත කරන්නන්ට වැඩිකළ වාහන බදු අදාළ වන බවද මුදල් ඇමතිවරයා කීය.
එන්ජිම සහ කුටි සවිකළ චැසි ලෙස ආනයනය කරනු ලබන වාහන මත අයකළ නිෂ්පාදන බද්ද සහ කිලෝග්‍රෑම් 2000ට නොවැඩි භාණ්ඩ ප්‍රවාහන ධාරිතාවයක් සහිත කුඩා ලොරි රථවල නිෂ්පාදන බද්ද මෙවර අයවැයෙන් අඩුකළ බවද මුදල් ඇමතිවරයා කීය.
‘මාර්තු හයට පෙර ණයවර ලිපි විවර කළ පිරිස වාහන බද්දෙන් නිදහස්’
Recommended Articles