‘සජිත් එනවා‘ මතුගම ජන රැළිය


(අංජුල මහික වීරරත්න)

‘සජිත් එනවා‘ මතුගම ජන රැළිය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ පැවැත්වේ.

මතුගම මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ජන රැළිය සඳහා වැසිබර කාළගුණයද නොතකා අති විශාල ජනකායක් සහභාගී වී සිටිති.

ජන රැළියට සහභාගී වූ අති විශාල ජනකායෙන් කොටසක් සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් ජනතාවට ආචාර කළ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)