‘‘අපේ සටන කාටුන් ඇසින්‘‘ කෘතිය එළිදකී


( රොමේෂ් ධනුෂ්ක සිල්වා )

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සංස්කරණය කරන ලද 'අපේ සටන කාටුන් ඇසින්' කෘතිය අද (12) කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ දී එළිදැක්විණි.  

මෙම කෘතියෙහි විශේෂත්වය වන්නේ වසර ගණනාවක සිට ගම්මන්පිල මහතාගේ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ මෙරට ජාතික පුවත්පත්වල කාටූන් ශිල්පීන් විසින් අඳින ලද සියලුම කාටුන් එහි ඇතුළත් වීමයි.

කෘතියේ පළමු පිටපත ගම්මන්පිල මහතා විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම අවස්ථාවට සහභාගි වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වූ අතර ඉන් අනතුරුව කෘතිය සඳහා දායක වූ සියලු කාටුන් ශිල්පීන් වෙත කෘතියේ පිටපත් අගමැතිවරයා අතින් ඔවුනට පිරිනමන ලදී.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ,මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් විශාල පිරිසක් සහභාගි වූහ.