(නිමල කොඩිතුවක්කු)
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තෝරා ගනු ලබන අපේක්ෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය තුළ හා ඒ සමඟ සන්ධාන ගතවන පක්ෂ සහ සංවිධාන තුළ අර්බුදයක් ඇතැයි මවා පෑමට යම් යම් පාර්ශ්වයන් සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පුළුල් සන්ධානයකින් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බවත් පැවසූ මහලේකම්වරයා ඒ සඳහා පක්ෂය තුළ කිසිඳු අර්බුදයක් පැන නැගී නැතැයිද සඳහන් කරයි.
එම නිවේදනයේ තවදුරටත් මෙසේද දැක්වේ.
‘‘එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනුයේ පුළුල් සන්ධානයකිනි. ඒ සන්ධානය පිහිටුවීම පිළිබඳව දැන් අවසන් එකඟතාවන්ට එළැඹි හමාරය.
ඒ එකඟතාවන්ට අනුව අපේක්ෂකයා ඉදිරිපත් කරනුයේ එක්සත් ජාතික පක්ෂයෙනි.
මේ පදනම මත එක්සත් ජාතික පක්ෂය මගින් සුදුසු අපේක්ෂකයා තෝරා පත් කර ගැනීමට කටයුතු කෙරෙනු ඇත.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්මතයන් හා සම්ප‍්‍රදායන් ආරක්ෂා කර ගනිමින්, පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව අපේක්ෂකයා තෝරා ගන්නා බවත් ඒ තෝරා ගැනීමෙන් පසු සන්ධානයට අයත් සියළු පාර්ශ්වයන්ගේත්, අපේ ප‍්‍රතිපත්ති හා එක් විය හැකි අනෙක් සියළු සංවිධාන සහ පුද්ගලයන්ගෙත් සහය ඇතිව අපේ අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීම සඳහා එක්සත් ජාතික පක්ෂේයේ සියළු දෙනා පරිපූර්ණ ලෙස කැපවී කටයුතු කරන බවත් අවධාරණය කරනු කැමැත්තෙමි’’ යැයිද එහි වැඩිදුරටත් සඳහන් වේ.