(ජේ.කේ.එල්. චාමින්ද)
රුපියල් පනස්දහසකට වඩා වැඩි ජලබිල්පත් නොගෙවිම නිසා ජල සැපයුම විසන්දිකරණු ලැබු ජල පාරිභෝගිකයින් 4,448 දෙනකුගෙන් ලැබිය යුතු රුපියල් මිලියන 695.48 ක මුදලක් ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අයකර ගැනීමට කටයුතු කර නොමැති බැව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දින වනවිට ජල සැපයුම විසන්දිකරණු ලැබු ජල පාරිභෝගිකයින්ගෙන් මෙම මුදල අයවිමට තිබුණි.
හිග ණය මුදල අයකර ගැනිමට චක්‍ර ලේඛය ප්‍රකාරව නිතිමය පියවර ගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මේ පිළිබද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ 2023 වර්ෂය සදහා නිතිමය කටයුතු ආරම්භ කිරිමට ජල පාරිභෝගික ගිණුම් 5993 ක් ප්‍රධාන කාර්යාලයට යොමුකොට ඇති බවය.
නිතිමය ක්‍රියාපටිපාටියෙන් රුපියල් මිලියන 617ක හිග මුදල් අයකරගැනිම සදහා ප්‍රධාන කාර්යාලයේ අයකර ගැනිමේ අංශය වෙත යොමුකොට ඇති බවද මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
මින් 2023 වර්ෂයේ දි රුපියල් මිලියන 66ක් සහ 2024 වර්ෂයේ අප්‍රෙල් මස 30 දක්වා කාලය තුලදි රුපියල් මිලියන 55ක මුදලක් අයකරගැනිමට කටයුතු කර ඇති බවය.