‘‘දරුවන් බඩගින්නේ හඬනවා. දරාගන්න බෑ පියෙක් මහ පාර මැද හඬා වැටෙයි‘‘


(සමන් විජය බණ්ඩාර)

ආහාර නොමැතිව කුසගින්නේ තම දරුවන් කිරි ඉල්ලා අඩන අයුරු බලා සිටිය නොහැකි බව පවසමින් 37 හැවිරිදි දෙදරු පියකු හෙම්මාතගම නගරයේ ප‍්‍රධාන මාර්ගය මධ්‍යයේ නාමපුවරුවක්ද ප‍්‍රදර්ශනය කරමින් මහ හයියෙන් හඩා වැටෙමින් සිටියදී පොලිසිය සහ ව්‍යාපාරිකයෝ සහ නගරවාසීහු පිරිසක් මැදිහත්ව ඔහුට අවශ්‍ය ආහාර පාන තොගයක් පරිත්‍යාක කළහ.

හෙම්මාතගම සියඹලාව ප‍්‍රදේශයේ පදිංචි බී.එම්.සුසන්ත කුමාර නම් වන මොහු වෘත්තියෙන් පෙදරේරුවෙකි. වයස අවුරුදු 7 ක් වයසැති දරුවෙක් සහ අවුරුදු 13 ක් වයසැති පිරිමි දරුවකු ඔහුට සිටින අතර බිරිඳ රැකියාවක් නොකරන බව ඔහු පවසයි.

රට පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ සිමෙන්ති මිල ඉහළ යෑමත් සමග තමන්ගේ වෘත්තිය මෙ වන විට නැවතී ඇති බව හඩා වැටෙමින් ඔහු අප සමග පැවසූවේය.

‘‘පෙදරේරු සංගමය ඉවසුවා ඇති බඩු මිල අඩු කර දුප්පතාට සහන දියව් ’’ යන බැනරයක්ද ප‍්‍රදර්ශනය කරමින්ය.

වයස අවුරුදු 7 ක් වයසැති දියණිය කිරි ඉල්ලා හඬනවා. දරුවන්ට කිරි පමණක් නොව තම පවුලේ සියලූ දෙනාට දෛනිකව තුන් වේල කන්නට දෙන්නටවත් දෙයක් නෑ. රැකියාවක් නැති මට දරුවන් පෝෂණය කරන්න බැහැ.

තමා මෙන් මේ වන විට බොහෝ මාපියන් මේ මොහොතේ අසරණ වි ඇති අතර ඒ අසරණ කම හා පත්ව ඇති පිඩාව විස්තර කිරීමට නොහැකි බවද කියයි.

අවසානයේ දරා ගැනීමට නොහැකි ආර්ථික අපහසුතාවය නිසාම ඔවුන් ජීවිත පවා නැති කරගන්නා බවද කියයි.

හෙම්මාතගම ගම්පොල ප‍්‍රධාන මාර්ගයේ දෛනිකව විශාල වාහාන එහා මෙහා යන හෙයින් එම මාර්ගය මධ්‍යයේ වාඩි වි විරෝධතාවයේ නියෙලෙන මෙම දෙදරු පියාට අනතුරක් ඇති වේයැයි සිතා හෙම්මාතගම පොලිසියේ නිලධාරීන් එහි පැමිණ එම දෛරු පියාට පාර අයිනේ සිට තම විරෝධතාවය පල කරන ලෙස ඉල්ලා සිටියාය.

එහිදි පොලිස් නිලධාරීන් හඬට අවනත වූ ඔහු පොලිසිය ඉදීරියේ අඩා වැටෙමින් ඔහුට ආචාර කරමින් ඔහු සංවේදිවිය.  එම සංවේදි දසුන දුටු නගරයේ බොහෝ දෙනකුට මෙන්ම පොලිසියේ නිලධාරීන්ගේ සිත් කම්පා කරවන්නටද විය.

පසුව එම අවස්ථාවට පැමිණි පොලිස් නිලධාරීන් මෙන්ම සියලූ ජනතාව ජාති භේදයකින් තොරව මෙම දෙදෙරු පියාට අවශ්‍ය ආහාර පාන, එළවළු යනආදිය ලබා දීමට අවශ්‍ය මුදල් සිය කැමැත්තෙන්ම එහි සිටි බොහෝ පිරිසක් ලබා දීමට කටයුතු කර අතර අවසානයේ එම පුද්ගලයා විසින් තමාට උපකාර කරන ලද පොලිසියේ නිලධාරීන්ට මෙන්ම දායකත්වය ලබා දුන් සියලූ ජනතාවට ඉතා සංවේදී වෙමින් සිය ස්තුතිය පුද කරමින් පිං ලබා දුන්නේ මිනිස් කම හදුනන මිනිසුන් හෙම්මාතගම ඇති බව කියා දෙමින්ය.

හෙම්මාතගම පොලිසියේ එම අවස්ථාවට සහභාගි වු ප‍්‍රධාන පොලිස් පරික්ෂක සමන් රණසිංහ, පොලිස් පරික්ෂ සරත් විරසිංහ, රථ වාහාන පරික්ෂක හේමන්ත මහතා ඇතුලූ නිලධාරීන් මෙම දෙදෙරු පියාට උපකාර කරන ලද ජනතාවගේ  ක‍්‍රියාව අගය කර යුතු උපකාර කර සියලූ දෙනාටම සතුටු විය හැකි අවස්ථාවක් වන බව කියා සිටියේය.