‘‘නාවුල කාබනික එළවළු වගාවට මිලක් නෑ‘‘


(ඉන්දික අරුණ කුමාර සහ කාංචන කුමාර ආරියදාස)

රජය මගින් ලබාදී ඇති උපදෙස්වලට අනුව කාබනික පොහොර යොදා සිදුකළ වගා සාර්ථක වී ඇතැත් ඒ සදහා නිසි මිලක් නොමැති වීම හේතුවෙන් මහත් දුෂ්කරතාවන්ට පත්වී ඇතැයි නාඋල - අරංගල යාය ගොවිහු කියා සිටිති.

විවිධ උපදෙස්වලට අනුගත වෙමින් පළමු වරට රසායනනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා නාඋල ප්‍රදේශයේ වගා රැසක් ගොවින් මෙවර සිදුකර තිබේ.

කිසිදු රෝගයකින් තොරව සිය වගා කාබනික පොහොර හේතුවෙන් අති සාර්ථක වී ඇති බැවි නාඋල - අරංගල යාය ගොවි ගම්මානයේ ගොවියකු වන වයි.ජි.සෝමපාල (64) මහතා කියා සිටියි.

මේ වන විට සිය වගා බිමේ වගා කර ඇති නෝකොල් සදහා කිසිදු රසායනික පොහොරක් හෝ කිසිදු කෘෂි රසායයක් නොයෙදු බවත් හෙතෙම කියා සිටියි.

දෙමුහුන් බීජ කාබනික පොහොරවලින් වගා කළ නොහැකි යැයි පවතින සමාජ මතයට කිසිදු පදනමක් නොමැති බැවි කියා සිටි හෙතම අවධාරණය කර සිටියේ සිය වගා සදහා තමන් විසින්ම අවට පරිසරයේ අමුද්‍රව්‍යවලින් පොහොර හා කෘමි නාශක වර්ග සකසා ගත් බවයි.