(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
සැප්තැම්බර් 21 වැනිදායින් පසු බිහි වන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ජල හා විදුලි හා ඉන්ධන මිල ගණන් අඩු කරනවා. ආහාර, ඖෂධ,රසායනාගාර පරීක්ෂණ හා පාසල් උපකරණ වැට් බද්දෙන් නිදහස් කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක හා ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද මාතර දී පැවසීය.
මාතර උයන්වත්ත ක්‍රිඩාංගනය පිටත පැවති ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් ප්රචාරක රැලියේ දී ඔහු ඒ බව කීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු දිසානායක මහතා මෙසේද කීය.
“සැප්තැම්බර් මස 21 වැනිදා ජනාධිපතිවරණ ඡන්දේ තිබෙනවා. මෙතන ඉන්න බොහෝ දෙනෙක් මීට පෙර මැතිවරණ දැකලා තිබෙනවා. ආණ්ඩු හදලා තියෙනවා. ආණ්ඩු පෙරලලා තියෙනවා. ඒත් ලංකා ඉතිහාසයේ වෙනස්ම මැතිවරණයක් තියෙන්නේ මෙවරයි. අද මාතර නගරය පුරවන්න තරම් ජනකායක් මෙතනට ඇවිත් තිබෙනවා. වැසි සහිත කාලගුණික තත්වය නොතකමින් ඔවුන් ඇවිත් ඉන්නවා. මේ තුලින් පැහැදිලියි සැප්තැම්බර් 21 අපේ ජයග්‍රහණය සහතිකයි කියලා. මේ සතියේ සිදු වු සිදුවීම්වලින් පවා පේනවා අපේ ජයග්‍රහණය ස්ථිරයි කියලා. ඇති තරම් මේ රටේ ආණ්ඩු හදලා තියෙනවා.නායකයෝ පත් කරලා තියෙනවා.ඒත් අපි එන්නේ කඩා වැටුණු රට ගොඩ නගන්නයි.
අපරාධ හා මත්ද්‍රව්‍ය වලින් පිරුණු රටක්. ගත්තු ණය ගෙවා ගත නොහැකි රටක්. දරුවන්ට ජීවත වෙන්න බැරි රටක්. ගොවි ජනතාවට ගොවිතැන කර ගන්න බැරි රටක්. ධීවර ජනතාවට ධීවර රැකියාව කර ගන්න බැරි රටක්. ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර කර ගන්න බැරි රටක්. කෙටියෙන්ම කීවොත් අපිට ලැබෙන්නේ හපයක් වු රටක්. හපයක් වු විනාශ වු කඩා වැටුණු රටක් තමයි තමයි අපිට ලැබෙන්නේ. එවැනි රටක් තමයි අපි මේ ගොඩ නගන්න ඉල්ලන්නේ.
පලමුවම මේ දේශපාලන පොර පිටිය සුද්ද කරන්න ඕන.මේක මහ කැත දේශපාලනයක්.2019 ඩලස්ගේ පොහොට්ටු වේදිකාවේ කතාව අහන්න.අද ඔහුගේ අකුරැස්සේ සජිත් ගේ වේදිකාවේ කතාව අහන්න. එදා සජිත්ට බැන්නා. අද සජිත් ගේ හොද කියනවා. එහෙම කියන්න එක්කෝ ඩලස් මැරිලා ඉපදෙන්න ඕන. එහෙම නැත්නම් අපි මැරිලා ඉපදෙන්න ඕන. මේ මොකද කරන්නේ ඊලග පාර පාර්ලිමේන්තුවට පැන ගන්න හදන්නේ. රාජිත සේනාරත්නත් ඒ වගේ තමා. 87 ඉදන් එහාට මෙහාට පනිනවා. මම හිතුවා කවදහරි එහාට මෙහාට පැනලා පාර්ලිමේන්තුවේ දී කකුල පැටලිලා වැටෙයිද දන්නේ නෑ කියලා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ එහාට මෙහාට පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි.
ඒ වගේම සියලු දෙනා නීතියට යටත් කරනවා. හැමෝටම නීතිය සමානයි. නීතිය ඉදිරියේ සියලුම දෙනා සමාන කරනවා අද අපේ රටේ දේශපාලඥයින් නීතියට යටත් නෑ. එහෙම යටත් වුනා නම් ප්‍රසන්න රණතුංග ඇමතිධුර දරන්න විදියක් නෑ. චොකා මල්ලි පාර්ලිමේන්තුවට එන්න විදියක් නෑ.සල්ලි තියෙනවද නැද්ද ?බලය තියෙනවද නැද්ද ? අදාල නෑ.හැමෝටම නීතිය එක සමානව ක්‍රියාත්මක කරනවා.
ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදලා පාර්ලිමේන්තුවට එන්න ජනාධිපති එන විට ගිලන් රථයක් එකක් එනවා. අගමැතිටත් එහෙමයි. මහින්ද රාජපක්ෂටත් එහෙමයි. මේ ගම්වල ඉස්පිරිතාලවල එක ගිලන් රථ එකක් නැතිව තීබෙනවා. ඔවුන්ට වෙනම වරප්‍රසාද දීලා. අපේ ආණාඩුවක් යටතේ එවැනි වරප්‍රසාද කිසිවක් දෙන්නේ නෑ.
ඒ වගේම අපි පිහීටුවන ආණ්ඩුවේ කැබිනට් ඇමති ධුර 25 ට අඩුයි. රාජ්‍ය ඇමතිධුර කියලා එකක් නෑ. කැබිනට් ඇමතිධුරවලට සරිලන විදියට නියෝජ්‍ය ඇමතිධුර දෙනවා. එච්චරයි. ඒකත් හදන්නේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් විදියට විතරයි. ඒත් කිසිම විටක රනිල්ට හෝ සජිත්ට ඇමති මණ්ඩලය කීයද කියලා හරියට කියන්න බෑ. ඒ ගොල්ලොන්ගේ අසූවකට වැඩි වෙනවා.
ඩලස් වුනත් අපෙන් තට්ටු කරලා ඇහුවා එන්නද කියලා. අපි ඇතුලට ගත්තේ නෑ. එහාට මෙහාට පනින දේශපාලනයක් අපිට වැඩක් නෑ. පොහෝට්ටුවේ වේවා එක්සත් ජාතික පක්ෂයේ වේවා නිදහස් පක්ෂයේ වේවා ජනතාවට අපේ දොර විවෘතයි.
ඒ වගේම විදුලි බිල ඉන්ධන මිල ගණන් වැඩියි. ඉන්ධන මිල සියයට 15 ක් විතර අඩු කරන්න පුලුවන්. ඒ සදහා අවශ්‍ය ක්‍රමවේද සකස් කොට අපි විදුලි ,ජල හා ඉන්ධන මිල ගණන් අඩු කරනවා.
බඩගින්නට කන ආහාර වලටත් වැට් එක ගහනවා. ඖෂධ වලට හා සෞඛ්‍ය පරීක්ෂණ වලට වැට් එක ගහනවා.පාසල් දරුවන්ගේ අධ්‍යාපන උපකරණ වලට වැට් එක ගහනවා. අපේ ආණ්ඩුවක් යටතේ ඒ සිල්ලම වැට් බද්දෙන් නිදහස් කරනවා. එතකොට කොහෙන්ද සල්ලි හොයන්නේ. බිලියන ගණන් බදු නොගෙවපු අරක්කු මුදලාලිලා කිහිප දෙනෙක් ඉන්නවා. අර්ජන ඇලෝෂියස් ,ජෝන්ස්ටන් ප්‍රනාන්දු ලට අරක්කු ෆැක්ටරි තිබෙනවා. ඔවුන් නොගෙවන ලද බදු මුදල් රජයට නැවත අය කර ගන්නවා.
මෙච්චර කල් වුණේ ජනතාවගේ ඡන්දෙන් ඇවිත් පාලකයෝ හැදෙන එක. රට දුප්පත් වෙනවා. ජනතාව දුප්පත වෙනවා.පාලකයෝ පොහොසත් වෙනවා. ඉතිහාසයේ පලමු වතාවට වංචාව දූෂණය නාස්තිය තුරන් කරලා ජනතාව පොහොසත් කරන ආණ්ඩුවක් අපි නිර්මාණය කරනවා.මේ ජනතාවගේ ඇණ්ඩුවක් පලමු වතාවට අපි ගොඩ නගනවා.