(නිමල කොඩිතුවක්කු)
මුදල් අමාත්‍යාංශය තමන්ට ලබා දෙන්නේනම් රටේ ආර්ථිකය ගොඩඅරගෙන පෙන්වන බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.මුදල් හම්බකරන්නත් ඕන තැනට මුදල් යෙදවීමටත් අවශ්‍ය දැනුම තමන් සතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹදී අද (15) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමාජ සවිබලගැන්වීම් සහ ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා
‘‘අපි අද අලුතින් ලක්ෂ හයකට සමෘද්ධිය ලබාදුන්නා. ඉදිරියේදී තවත් ලක්ෂ තුනහමාරකට සමෘද්ධිය ලබාදීමට මම පියවර ගන්නවා. සමෘද්ධි නිලධාරීන්ට රැකියාව දුන්නට පුහුණුව ලබාදීලා නැහැ අපි ඒ පුහුණුව ලබාදෙමින් යනවා.
ඒ වගේම සමෘද්ධි ලාභීන් සඳහා ව්‍යාපෘති පනස්දහසක් අපි සැලසුම් කරලා තියෙනවා. මාස දෙකක් තුළ සමෘද්ධි බැංකු පද්ධතිය පරිගණක ගත කිරීමටත් අපි සැළසුම් කරලා තියෙනවා.
මේ සියලු කටයුතු සඳහා අග‍්‍රාමාතය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය අපට ලැබෙනවා. අපි කරගෙන යන වැඩපිළිවලට එතුමන් ශක්තිය ලබාදිලා තියෙනවා.
මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට මොනවා ගිහින් කිව්වත් බැහැ කියලා තමයි එකපාරට කියන්නේ. අගමැතිතුමා මට මුදල් අමාත්‍යාංශය දුන්නනම් අද රටේ තියෙන මේ මුදල් ප‍්‍රශ්නය ඇති වෙන්නේ නැහැ.
මේ ආරථිකය මම ගොඩ අරගෙන පෙන්වනවා. මුදල් හම්බකරන්නත් අපි දන්නවා. මුදල් ඕන තැනට වියදම් කරන්නත් අපි දන්නවා.
මට ප‍්‍රථමික කර්මාණ්ත අමාත්‍යාංශය දෙද්දි බෝඩ් ලෑල්ලක් විතරයි දුන්නේ. ඉන්න තැනක්, පුටුවක්, මේසයක්, නිලධාරීන් හිටියේ නැහැ. ඒත් මේ කෙටි කාලය තුල අපි මේ අමාත්‍යාංහය මගින් රටටත් ජනතාවටත් විශාල සේවයක් ඉටු කරලා තියෙනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.