’Industry Sysmposium 2023 ට ඩයලොග් SLIIT සමඟ අත්වැල් බැඳගනී


ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි ලිමිටඩ් ආයතනයේ SLIIT ඉංජිනේරු පීඨය විසින් මාලබේ SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පසුගියදා සංවිධාන කරනු ලැබූ Industry Symposium 2023’ සඳහා ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ද සිය සහයෝගය ලබාදීමෙන් දායක විය.

විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් ඒකරාශී කර ගනිමින් වර්තමානයේ දී කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පා සිටින අභියෝග හා ගැටලු අවධානයට ලක් කරමින් ක්ෂේත්‍රයට නවෝත්පාදන විසඳුම් ලබාදීම වෙනුවෙන් වෘත්තීයවේදීන් සමඟ මනා සහයෝගීතාවක් ඇතිකරගත හැකි වාතාවරණයක් සකසා ගැනීම මෙම සම්මේලනයේ අරමුණයි.

ඩයලොග් සමාගම හැරුණු විට Zone 24x7, meu labs, ACL Cables, LTL, MIDAS, MAS, Magicbit, Divor Automation සහ Fimerයන ආයතන මෙම සම්මේලනය සඳහා එක්වූණි. 

වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණපා සිටින විවිධ ගැටලු හා අභියෝගවලට සාර්ථකව ප්‍රතිචාර දැක්විය හැකි විසඳුම් ලබා දීමට කර්මාන්ත ක්ෂේත්‍රයේ නිපුණයන් හා වෘත්තීයවේදීන් මෙහිදී සිය දැනුම සහ අත්දැකීම් බෙදා ගැනීම විශේෂිතය.

‘ Industry Symposium 2023’ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී සහ ප්‍රධාන සැලසුම් නිලධාරී ඇන්තනි රොද්‍රිගෝ මහතා  මෙසේ පැවසීය. 

නවෝත්පාදන සහ තාක්ෂණය අතින් ඉදිරියෙන්ම සිටින සමාගමක් වශයෙන් අපේ රටේ නවෝත්පාදන ක්ෂේත්‍රයේ දක්ෂයන්ට ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් සමඟින් නවෝත්පාදන එළි දක්වන්නට හැකි පසුබිමක් ඔවුන්ට උදාකරදීම වෙනුවෙන් අපි කැපවී සිටිනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල 12 ක් ආශ්‍රිතව ස්ථාපිත කර තිබෙන Dialog future zone නවෝත්පාදනවලින් වර්තමාන ලෝකයේ හා සමාජයේ අපිට පැන නගින සැබෑ ගැටලුවලට නවෝත්පාදනවලින් පිරිපුන් වාසිදායක විසඳුම් හඳුන්වාදීම වෙනුවෙන් නිමැවූ කදිම තෝතැන්නක්. 

රටේ අනාගත නවෝත්පාදකයන්ට යහපත් හෙටක් උදාකර දීම සඳහා ඔවුන්ට අවශ්‍ය දැනුම, තාක්ෂණය සහ මගපෙන්වීම අප විසින් සලසා දිය යුතු බව අපි විශ්වාස කරනවා. ඔවුන්ගේ නිර්මාණශීලී නවෝත්පාදන හැකියාවන් ඔප්නැංවිය හැකි යහපත් වාතාවරණයක් සකසා දීම හරහා අභියෝග හා සීමාවලට නොබියව මුහුණ දී තමන්ට විවර වන අසීමිත අවස්ථාවලින් උපරිම ඵල නෙළාගන්නා පිරිසක් අපට සමාජයට දායාද කළ හැකි වෙනවා.”

595