ඇමෙරිකා එක්සත් ජනපදයේ විරෝධතා ආවරණය කරන මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වීම සහ ඔවුන් සිරගත කිරීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශකයා අද (2) කීය.
‘‘ලොවපුරා මාධ්‍යවේදීන්ට නිදහසේ ඔවුන්ගේ රාජකාරිය කිරීමට අවස්ථාව තිබිය යුතුයි. බියෙන් හා සැකයෙන් තොරව ඔවුන්ට ඔවුන්ගේ රාජකාරි කරන්න බලධාරීන් ඉඩ සලසන්න ඕනෑ’’ යැයි අග්‍රාමාත්‍ය ප්‍රකාශක ජේම්ස් සැල්ක් කීය.
පසුගිය දින කිහිපයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා වන බවත් විශේෂයෙන්ම මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා වූ බවත් කී හෙතෙම එක්සත් රාජධානිය ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින්නේ යැයි කීවේය.
‘‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය අප හද කම්පා කරනවා. එයින් විපතට පත් සියලු දෙනාට අපි කනගාටුව හා ශෝකය පළ කරනවා’’ යැයි ජේම්ස් සැල්ක් කීය.
‘‘ජනතාවට නිදහසේ විරෝධතා දැක්වීමට ඉඩ තියෙන්න ඕනෑ’’ යැයි ද ඔහු කීය.
‘‘පොලිස් නිලධාරියාට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබෙනවා. යුක්තිය සහ සාධාරණත්වය ඉටු වනු ඇතැයි අපි විශ්වාස කරනවා’’ යැයි ද ඔහු වැඩිදුරටත් කීවේය.
අල්ජසීරා
055