’’ඇස්ට්‍රාසෙනකා එන්නත යුරෝපය දෙකඩ කරලා’’


රුධිරය කැටි ගැසෙනවා යැයි බියක් හටගැනීම නිසා, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත සම්බන්ධයෙන් යුරෝපා රටවල් අතරේ බෙදීමක් හටගෙන ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

එන්නත ලබාගෙන රුධිරය කැටි ගැසීමෙන්, සිදුවුණැයි පැවැසෙන මරණ සම්බන්ධයෙන්, යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය විහේෂ විමර්ශනයක් පවත්වමින් සිටී. එම විමර්ශනය අවසන් වනතුරු ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, ඉතාලිය ආදී රටවල් එන්නත ලබා දීම නවත්වා දමා ඇත.

මේ අතර, එන්නත සම්බන්ධයෙන් ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගමත්, ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලබා දුන් සහතිකයට අනුව, යුරෝපා සංගමයේ සාමාජිකයන් වන පෝලන්තය, බෙල්ජියම ආදී රටවල් ද ආසියානු රටක් වන තායිලන්තය ද එන්නත එරට වැසියන්ට ලබා දීම ආරම්භ කර තිබේ.