(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙන බවට සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ පුවත් මවන බවත් ජනතාව සමග හැර ජරාජීරණ අන්ත දූෂිත දේශපාලන හවුල් සමග එක්වීමක් සමගි ජන බලවේගයට නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගාල්ලේදී පැවසීය.
සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු වී ඇති මොහොතක ජනාධිපතිවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ එකට වී බොරු කට කතා හදා සමාජ මාධ්‍ය වලට මුදල් ගෙවා විවිධ බොරු ප්‍රචාරයන් සිදුකරන බවත් ඒවාට නොරවටෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු කීවේය.
ජනාධිපතිවරයාට සහ මාලිමාවේ නායකයාට එකට එකතු වීමට ආසාවක් ඇති බවත් ඒ අයට එකතු විය හැකි වුවත් ප්රජාතන්ත්රවාදයට ගරුගරන ප්‍රතිපත්තිගරුක පක්ෂයක් වන සමගි ජන බලවේගය රට විනාශ කළ කල්ලි සමග කිසිදු අවස්ථාවක එකට එකතු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 33 වැනි විජයග්‍රාහී ජන රැළිය ගාල්ල නගරයේදී අමතමින් සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
රට ගොඩනැගීමට හොදම ප්‍රතිපත්තිය දර්ශනය සහ වැඩපිළිවෙළක් ඇති අත්දැකීම උගත්කම බුද්ධිය ඇති දක්ෂතම කණ්ඩායම ඇත්තේ සමගි ජන සන්ධානයට බැවින් රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වය ලබා දෙන පෞද්ගලික අංශයේ සේවයේ නිරත වන අයට සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ශක්තිමත් වැඩපිළිවෙළක් ඇති බවත් ඔහු සඳහන් කළේය.
පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගේ ධනය මෙන්ම සේවකයන්ද දුෂ්කරතා මැද විශාල වැඩ කොටසක් කරන බවත් පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 25000 දක්වා ඉහළ දැමීමට අවශ්‍ය රෙගුලාසි සකස් කරන බවත් ප්‍රේමදාස මහතා කීවේය.
ඔවුන්ට වැඩබිමේ කරන උදාර කර්තව්‍යය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බවත් ඒ යටතේ සේවක අයිතිවාසිකම් සුරකින සේවක ප්රඥප්තියක් සකස් කරන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගයට පැහැදිලි වැඩපිළිවෙළක් සහ දර්ශනයක් ඇති බවත් සමගි ජන බලවේගය ඉදිිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් බොහෝ දේවල් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව සිදුකරමින් යන බවත් ඔවුන් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සෑම පාසලක්ම සුහුරු පාසලක් බවට පත් කරමින් අධ්‍යාපනය ශක්තිමත් කරන බවත් මේ වගකීම සමගි ජන සන්ධානය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද රටේ බහුතරයක් දුප්පතුන් වී ඇති මොහොතක දුප්පත්කම තුරන් කිරීමට මසකට රු.20000 බැගින් මාස 24ක් තුළ දුප්පත්කමින් මුදවා ගන්නා බවත් ආත්ම අභිමානයෙන් ජීවත් වන පරපුරක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක, පාඨලී චම්පික රණවක, චන්දිම වීරක්කොඩි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.