(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැසීය.
ඡන්ද ප්‍රතිළුල නැරඹීමේදී විශාල තිර යොදා කණ්ඩායම් වශයෙන් පොදු ස්ථානවල ඡන්ද ප්‍රතිළුල නැරඹීමට කිසිදු ආකාරයකින් අවස්ථාව ලබා නොදෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
පසුගිය මාසයක කාලයක සිට පවත්වාගෙන ආ සාමකාමී ත ත්ත්වය පශ්චාත් මැතිවරණ කාල සීමාවේද පවත්වාගෙන යාම වැදගත් වන බවත් තල්දූව මහතා කීය.