’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’


(සුජිත් හේවාජුලිගේ)

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස  ඉතාම සාමකාමී බව මැතිවරණ  නිරීක්ෂකයෝ පෙන්වා දෙති

මැතිවරණයට අදාළව මෙතෙක් කිසිදු බරපතළ  සිද්ධියක් වාර්තා වී නැතැයි  පැෆරල් සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

දැනට වාර්තා වී ඇත්තේ සුළු පැමිණිලි දෙසීයකට අඩු සංඛ්‍යාවක් පමණකැයි පැවැසේ

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ  අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ සමස්තයක් ලෙස මැතිවරණ කටයුතු ඉතා සාමකාමීව සිදුවන බවයි.

එය අගය කළ යුතු තත්වයක් බවද ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවේ මැතිවරණයේ සාමකාමී බව දිගටම ආරක්ෂා කර ගැනීමට සියලු දේශපාලන පක්ෂ අදිටන් කර ගත යුතු බවයි.

මෙම ආදර්ශමත් තත්වය සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂවලට ස්තූතිවන්ත වන බවද ඔහු කීවේය.