’’සජබත් අයවැයට විරුද්ධයි’’


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අප මේ අයවැයට විරුද්ධව ඡන්දෙ දෙනවා. මේක සුරංගනා කතාවක් වගේ.අය මොනවද?වැය මොනවද? කියලා දන්නේ නැහැ. 

මේ අයවැයේ කඳුකර දෙමළ ජනතාව වෙනුවෙන් යෝජනා තියෙනවා කියලා මට දැනෙන්නේ නැහැ.අප කඳුකරයේ දෙමළ ජනතාවට මුකුත් කළේ නැතැයි ප්‍රකාශ කරන්න බැහැ.අපි පටන් ගත්ත දේවල් ඉදිරියට අරගෙන යන්න. යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.