(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය සම්මත වීමෙන් පසු අපේම වෙච්ච වැඩසටහන හෙට උදේ සිට පටන් ගන්නා බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"සාධනීය අදහස් පළ කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉන්නවා. නමුත් වෙනස් වෙන්න බැරුව ලත වෙන පිරිසක්ද ඉන්නවා. ආණ්ඩුව කයිය විතරයි වැඩ නෑ කියා විපක්ෂය නිතරම චෝදනා කරනවා.එහෙම විවේචන කරනකොට අපි තව වැඩිපුර වැඩ කරනවා.එතකොට ඔබලාට තව සොරි වෙනවා.දිගටම මඩ ගහගෙන ඔබලාගේ සිහිනයේ ඉන්න. අප ඉස්සරහට යනවා. මෙතෙක් පැවැති ආණ්ඩු පාලම් බෝක්කු හැදුවා තමයි. හැබැයි හොඳ දේශපාලන සංස්කෘතියක් හදන්න බැරිි වුණා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.