“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”


 

 (සුජිත් හේවාජුලිගේ)

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට අද (6) උපදෙස් දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව ඒ සඳහා අවශ්‍ය කටයුතු වහාම සූදානම් කළ යුතු බවද  සභාපතිවරයා මෙහිදී  පවසා ඇත.

මහ මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් හා  දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන් අතර විශේෂ හමුවක් රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී අද (6) පෙරවරුවේ පැවැත්විණ.

සභාපතිවරයා මෙසේ පවසා  ඇත්තේ එම රැස්වීමේදීය.