තරබාරුවෙන් මිදෙන්න නොවරදින පිළියමක්


  • බඩ මෙන්ම තට්ටම් ප්‍රදේශ, පිට, ඉණ දෙපස, අත් ගොබ හා කලවාවල මෙසේ අධික තෙල් තැන්පතු ඇතිවන්නේ මන්දැයි ඇතැම් විටක ඔබට බරපතළ ලෙස සිතෙන අවස්ථා තිබෙන්නට පුළුවනි. මෙසේ වීමට බලපාන්නේ එකම හේතුවක් නොවන නමුත් ඒ ඒ හේතු අතර කිසියම් ඥාතීත්වයක් දකින්නට පුළුවනි. 

 

ස්ථූලතාව මේ වන විට ලොව පුරාම ප්‍රධාන සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට හේතුකාරකයක්ව ඇතැයි පැවසුවහොත් එය බොරුවක් නෙවෙයි. බෝ නොවන රෝග සියල්ලන්ටම පාහේ පොදු හේතුවක්ව මතුවන තරබාරු බව සම්බන්ධයෙන් විවිධ පිළියම් බිහිවුවත් ඒවායේ සාර්ථකත්වය දැකගත හැකිවනුයේ තාවකාලිකව බැවින් ස්ථූලතාව මේ වන විට මැඬලිය නොහැකි නැතහොත් මැඬලීමට අසීරු තත්ත්වයක් බවට මතයක්ද ගොඩනැගී පැවතීම සැබවින්ම තරබාරු බව මඩින්නට විශාල බාධකයක්ව ද පවතී. තත්ත්වය එසේ වන නමුත් මේ සඳහා සියයට සියයක් විද්‍යාත්මක ක්‍රමවේදයක් පවතී යැයි ඔබට පැවසුවහොත් එය අලුත් ආරංචියක් වනු නොඅනුමානයි. තරබාරුව මැඬීම සම්බන්ධයෙන් හැමවිටම ප්‍රමුඛතාවක් ගන්නා ව්‍යායාම, ආහාර පාලනය, ඖෂධ, උපකරණ, ආලේපන එකවිටම මතකයට නැගෙන අතර මේ කිසිවක් යොද‌ා නොගෙන ඔබේ බර අඩුකරගන්න වගේම නැවත ඔබේ බර වැඩිවීම පාලනය කරගන්න අතුරු ආබාධ කිසිත් නැති ක්‍රමයක් පවතින බව කිවහොත් එය ඔබට අලුත් ආරංචියක් වනු ඇති. කිසිම ඖෂධයක් කිසිදු උපකරණයක් ආහාර පාලනයක් හෝ ව්‍යායාමයක් හෝ නැතිව මාස කීපයකදී බර අඩු කරගන්න සිරුර හැඩකරගන්න මෙන්ම ලෙඩ අඩුකරගන්න ආසිරි සෙන්ට්‍රල් රෝහලේ ස්ලිම් ඇන්ඩ් හෙල්දි වැඩසටහන ඔබට උපකාර කරයි.  


මෙය අලුතින් බිහි වූ ක්‍රමයක් නොවේ. සිරුරේ නිල ස්ථාන තෙරපුම තුළින් ඇති කරන ක්‍රියාකාරීත්වය අනවශ්‍ය මේදය දහනය කිරීමක් සිදුකරන අතර එසේ දහනය වන මේදය නිසා සිරුර සිහින් වුවත් එල්ලා වැටීමක් හෝ රැලි වැටීමක් සමට ඇති නොකරයි. මේ ක්‍රමය තුළින් සම හොඳින් තද වී තිබියදීම සිදුවන තවත් ක්‍රියාවක් තිබේ. ඒ මෙම ක්‍රමයෙන් අනවශ්‍ය මේදය ඉවත්ව ගොස් සිරුරේ බර ක්‍රමානුකූලව අඩුව යන නමුත් සිරුරට අනවශ්‍ය තරම් මේදයක් නැවත තැන්පත් වීම වැළැක්වීමයි. මේ ප්‍රතිකාර පටන් ගත් පසු කෙනෙකුට අනවශ්‍ය තරමින් ඇතිවන ආහාර ගැනීමේ වුවමනාව ක්‍රමයෙන් පාලනයවීමත් ඒ හරහා අඩු කරගත් බර සහ ස්ථූලතාවට පත් නොවීම ස්ථාවරව පැවතීමත් මේ ප්‍රතිකාර ක්‍රමවේදය තුළින් අැතිවන වාසි සහගත තත්ත්වයක්. බොහෝ දෙනෙකු අලුත් ප්‍රතිකාර ක්‍රමවේදවලට බියක් දක්වතත් මෙය එසේ බියපත්වීමට අවශ්‍ය දෙයක් නොවන්නේ මෙයින් කිසිදු අතුරුඵලයක් ලොව කොතැනකදීවත් ඇති වී තිබේ යැයි වාර්තා නොවීමයි. මෙය කිසිදු උපකරණයක්, එන්නතක්, ඖෂධයක් හෝ කිසිවක් ශරීරගත කිරීමකින් තොරව සිදුකරන්නක් බැවින් ආසාත්මිකතා ඇතිවීමක් ද නොවේ.

සතියකට දින තුනක් පමණ විනාඩි පහළොවක් විස්සක් අතර කාලයකදී මේ නිල තෙරපුමට ලක්වීමෙන් සිරුරේ බර අඩුවීම සහ ක්‍රමානුකූල පැවැත්මකින් අඩු වූ බර පාලනය වී නැවත වැඩිවීම වළක්වයි. මුළුමනින්ම වේදනා රහිතවීම ද මෙම ක්‍රමයේ විශේෂත්වයකි. අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි තත්ත්ව පවතින්නන්ට මේ ප්‍රතිකාර වඩාත් ගුණද‌ායක වන අතර ඒ රෝග යම් තරමකට පාලනය සඳහා ද උපකාරී වෙයි. ස්ථූලතාව ඇති අයට මතුවන ප්‍රධානතම ගැටලුවකි බඩ ඉදිරියට නෙරීම.  


බඩ මෙන්ම තට්ටම් ප්‍රදේශ, පිට, ඉණ දෙපස, අත් ගොබ හා කලවාවල මෙසේ අධික තෙල් තැන්පතු ඇතිවන්නේ මන්දැයි ඇතැම් විටක ඔබට බරපතළ ලෙස සිතෙන අවස්ථා තිබෙන්නට පුළුවනි. මෙසේ වීමට බලපාන්නේ එකම හේතුවක් නොවන නමුත් ඒ ඒ හේතු අතර කිසියම් ඥාතීත්වයක් දකින්නට පුළුවනි. අප එයින් බඩ ඉදිරියට ඒම ගැන ප්‍රමුඛව සැලකුවහොත් ඇතැම් විට ඔබ විසින් තීරණය කරනු ලබන්නේ අනෙක් අයෙකුගේ උදරයට සාපේක්ෂව හෝ ඔබේ නිවෙසේ මුහුණ බලන කන්නාඩියෙන් ඔබ දකින දේ අනුව නම් එය එතරම් සාර්ථක ක්‍රමයක් නොවේ. පළමුව ඔබ ඔබේ බර මැන ගෙන සිටින්න. ඇතැම් අය සිහින්ව පෙනෙන නමුත් බඩ ඉදිරියට නෙරා තිබෙන අවස්ථා දැන් දැන් බහුලයි. ඔබ අසුන්ගන්නා ඉරියව්ව මෙන්ම සිටගන්නා, ඇවිද යන ආදී ඉරියව් පවා ඔබේ උදරය නෙරා ඒමට යම් තරමකට බලපාන බව සිහිතබා ගන්න. ඔබ කොන්ද කෙළින් තබානොගෙන කොන්දේ ඉහළ ප්‍රදේශයෙන් වාඩිවෙනවා නම් ඒ අවස්ථාවේ ඔබේ උදර මාංශ පේෂි ඉදිරියට තල්ලු වී සිටීම එක දිගටම සිදුවන විට ඒ මාංශ පේෂි පසුකලෙක ඉදිරියට නෙරා එන්නට ඇති ඉඩ කඩ නොසලකා හැරිය නොහැකියි. තවත් සමහරු ආහාර ගැනීමේදී කුස පිරෙන තරම ඉක්මවා ගියත් පුරුද්දට මෙන් පමණ ඉක්මවා ආහාර ලබා ගැනීමෙන් උදරය ඉදිරියට නෙරා ඒමට බලපාන උත්තේජනයක් ඇතිවන්නට පුළුවන්. ආහාරගත් විගසම වතුර වීදුරු කීපයක්ම පානය කරන අයටත් මේ ගැටලුව මෙයාකාරයෙන්ම බලපාන්නට පුළුවන්. බොහෝ විට කටින් හුස්ම ගන්නට හුරු වූ අයටත් යම් තරමකින් උදරය ඉදිරියට නෙරා ඒමේ ගැටලුවට මුහුණ දෙන්නට සිදුවෙන්නට පුළුවන්.

ඒ ඔවුන් වාතය වැඩි ප්‍රමාණයක් ගිලීම නිසා උදර මාංශ පේෂි ඇදීයාමක් සිදුවන නිසා. මේ හැරෙන්නට මත්පැන් පානය කරන්නන් ද උදරය විශාල වීමට බඳුන්වන්නට ඉඩ ඇති අයයි.

ඇවිදීමට කම්මැළි, නැතිනම් නිතරම අසුන්ගෙන සිටින්නන් ද උදරයේ මාංශ පේෂි දුර්වලවීමේ හේතුවෙන් උදරය නෙරා එ​්මේ ගැටලුවට මුහුණ දෙන්නන් විය හැකියි. නමුත් ඇතැම් කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසු නිසි ව්‍යායාමයක් නොවීම, අධික ආහාර අනුභවය ආදී හේතු නිසා උදරය ඉදිරියට නෙරා එ​්මේ ගැටලුවට මුහුණ දෙන්නට සිදු විය හැකියි. 

සමහරුන්ට නෙරා ආ උදරය හේතුවෙන් පාවහන් පලඳින්න, මේස් දමන්න වැනි කටයුතු මෙන්ම පාදයේ නිය පොතු කපන්න වැනි ක්‍රියා මෙන්ම බිම වාඩිවෙන්න නොහැකියාවක් මතුව ඇත්නම් එයින් ඇඟවෙන්නේ උදරය අනවශ්‍ය තරම් නෙරා ඇවිත් තිබෙන බවයි.

ස්ථූල වූ පසු කෙනෙකුට ඇතිවන ශාරීරික අපහසුව හේතුවෙන් තරමක් කුසීත කම්මැළිබවක් දැනීමට ඉඩ ඇති බව සත්‍යයකි. ඒ හේතුවෙන් ආහාර ගත් පසු කිසියම් ආකාරයක බරැති බවක් සිරුරට දැනීමෙන් කය වෙහෙසවීමකින් තොරව එක තැන රැඳී සිටිමින් විවේක ගන්නට පෙලඹීම හේතුවෙන් සිරුරේ බර වැඩි වීමට තුඩු දෙන සාධක වඩාත් ඉස්මතුවිය හැකිය. අධික කොලෙස්ටරෝලතාව, හෘද රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය, ආඝාතය, පිළිකා රෝග, ස්වසන රෝගාබාධ වැනි බෝ නොවන රෝග මෙන්ම චර්ම ආබාධ ද මේ හේතුව නිසා ඇතිවීමේ අවදානමක් පවතී. අනවශ්‍ය ලෙස ඇතිවන උදරය නෙරා ඒම සහ ස්ථූලතාවට මෙතෙක් පවතින පිළියම් සෑම දෙයක්ම කළ නමුත් ඒවායින් ප්‍රතිඵල නැතැයි මැසිවිලි නඟන අයගේ එම අසාර්ථකත්වයට හේතුව එය ඇතිවීමට තුඩු දෙන හේතු වැළැක්වීමක් නොවීමයි. උද‌ාහරණයක් සැලකුවහොත් සමහරු ප්‍රතිකාර ලබාගන්නා අතර ආහාර පාලනය කරන්න යැයි පැවසුවත් ඔවුන්ට වෙනද‌ාට වඩා කුසගිනි දැනෙන්නට පටන් ගැනීමෙන් වැඩි ආහාර ප්‍රමාණයක් ඉබේම ලබා ගැනීමට පෙලඹීමයි. ව්‍යායාමයක නිරත වී අවසන් වූ වහාම සමහරු කුසගිනි වැඩියෙන් දැනී ආහාර වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම එවැන්නකි.  


එම ප්‍රෙෂර් පොයින්ට්ස් උත්​ෙත්ජනය මගින් ආහාර දිරවීමේ ක්‍රියාවලියට සහය දක්වන සියලුම ක්‍රියාකාරීත්ව නිරෝගී බවට පත්කරන අතරම ඒවායේ ඇදෙනසුලු බව අඩුකරවීම තුළින් කෙනෙකුට විශාල ආහාර ප්‍රමාණයක් ලබා ගැනීම කෙරෙහි ඇති වී තිබූ ඇබ්බැහිය ද පාලනය වෙයි. මේ නිසා ආහාර පාලනය අපහසු යැයි පවසන ඕනෑම අයෙකුට නිරායාසයෙන්ම සිරුරට අනවශ්‍ය තරමේ ආහාර ප්‍රමාණයක් ලබා ගැනීමට තිබූ රුචිකත්වය ඉබේම නැවතී යයි. මේ ප්‍රතිකාර ක්‍රමය ගර්භිනී අයට පමණක් සිදු නොකරන අතර අවුරුදු දහයට අඩු දරුවන්ට ද සිදු නොකරයි. මේ සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය අයෙකුට කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ පස්වැනි මහලේ (සෝපාන අංක 8 හෝ 9න් පැමිණිය යුතුයි) ස්ලිම් ඇන්ඩ් හෙල්දි වැඩසටහන වෙත පැමිණ හෝ හොට් අංක 0773237738, 0715555655 දුරකථන අංක ඇමතීමෙන් හෝ උපදෙස් ලබාගත හැකියි.  

 

 

 

 

 

 

සටහන
නාලිකා රාජපක්ෂ