“ආදිවාසී අයිතිවාසිකම් වෙනුවෙන් මුලින්ම සටන ආරම්භ කළේ මගේ අප්පිල ඇත්තෝ, දිවංගත ඌරුවරිගේ තිසාහාමි ඇත්තෝ.
“මේ ඇත්තෝ දැන් නඩුවකට මංගච්චනවා. මේ ඇත්තෝ දැන් මානව හිමිකම් එකට පැමිණිල්ලකුත් මන්දො කරල තිබෙනවා” යැයි දඹානේ ආදිවාසී නායක - වනස්පති, ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ හැඟුම්බරව පැවසුවේ, නොබෝදා පැවැති මහමැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා දඹාන කනිෂ්ඨ විද්‍යාලයට ගිය ආදිවාසී උපනායක, ඌරුවරිගේ ගුණබණ්ඩාට, සිය උරයේ රඳවා තිබූ පොරොව සමග ඡන්ද මධ්‍යස්ථානය තුළට ඇතුළුවීමට ඉඩනොදීම පිළිබඳව
අදහස් දක්වමිනි.
ඉරිදා ලංකාදීපයෙන් දඹානට ගිය අපට දැනගන්නට ලැබුණේ, මෙම සිද්ධියෙන් පසු පාරම්පරික වැදි ජනයා බහුතරයක් ඡන්දය භාවිතයෙන් වැළකී සිටීමට තීන්දුකර තිබූ බවයි.
මොකක්ද සිදුවුණේ ? මම ආදිවාසි නායකතුමාගෙන් විමසුවෙමි.
“මේ ප්‍රශ්නයට මුහුණ දුන්නේ මම නොවෙයි. මගේ පුතා. එයා රැහේ උපනායකයා. එයා සිරිත් පරිදි පොෙරාව කරේ එල්ලාගෙන ඡන්දය දාන්න ගිහින් තිබුණා. පොෙරාව එළියෙන් තියල ඇතුළුවෙන්න කියල එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙක් - ‘අද උදේ සාකච්ඡාවක් තිබුණා, ආයුධ සමග ඇතුළට යාම තහනම් කියල සාකච්ඡා වුණා. ඒ නිසා පොෙරාව අරන් ඇතුල්වෙන්න දෙන්න බෑ. ගිහින් ස්ථානාධිපතිත් එක්ක කතාකරන්න’ යනුවෙන් කියල තියෙනවා. ඊට පස්සේ ගිහින් කතා කළාම ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයාත් කියල තියෙනවා ’ආයුධයක් අරන් ඇතුළුවෙන්න තහනම්, ඡන්දෙ දානවානම් පොෙරාව එළියෙන් තියල ඇවිත් ඡන්දය දාන්න’ කියලා .
මේ හේතුව නිසා පුතා ඡන්දය දාන්නේ නැතිව ආපසු ආවා. ඡන්දෙට වඩා අපිට අපේ සංස්කෘතිය වැදගත් නිසයි - එයා එහෙම කළේ. මේ සිද්ධිය නිසා ඊට විරෝධය දැක්වීමක් වශයෙන් අපේ රැහේ බොහෝ දෙනෙක් මේ වතාවේ ඡන්දය දාන්න ගියේ නැහැ. මේ පාර ජනාධිපතිවරණයටත් අපි පොෙරාව කරේ එල්ලාගෙන ගිහින් ඡන්දය දැම්මා. එදා විතරක් නොවෙයි, ඡන්ද අයිතිය දීපු දවසේ ඉඳලම අපේ රැහේ අය ඡන්දය දෙන්න ගියේ පොරවත් එක්ක.’’
මීට පෙර ඔබතුමාත් පොෙරාව නිසා ප්‍රශ්නවලට මුහුණ දුන්න නේද?
‘‘ඔව්. 1996 ලෝක ආදිවාසීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ජාත්‍යන්තර සමුළුවට මට ආරාධනයක් ලැබුණා. ජිනීවා හි පැවැති මෙම ආදිවාසී සමුළුවට යන්න ගිය වෙලාවේ, ගුවන්යානයේ ආයුධ ගෙනියන්න තහනම් කියලා කිව්වා. හැබැයි ඒ වෙලාවේ මං කිව්වා ‘මේක අපේ සංස්කෘතික අංගයක්. මේක අපිට ආභරණයක්. පොෙරාව නැතිවනම් මට යන්න බැහැ’ කියලා. ඒවෙලාවේ ඒගොල්ල වටේටටම කතා කරල උපදෙස් අරන් පස්සේ කිව්වා, ‘එහෙනම් මේ පොෙරාව අරන්යන්න, නායක ඇත්තො ළඟ තියාගෙන යන්න දෙන්න අමාරුයි. ගුවන් නියමුවා ළඟ මේක තියන්න, බහිනකොට පොෙරාව දෙන්නම්’ කියලා. එහෙම තමයි මමත් හිතාගෙන හිටියේ. ගුවන් යානයෙන් බහිනකොටම බොහොම ගෞරවයෙන් පොෙරාව මට දුන්නා. කිසිම ප්‍රශ්නයක් නැතිව පොෙරාව කරේ දාගෙන ගිහින් මම සමුළුවට සහභාගි වුණා.
සමුළුවේදී - “ලෝක ආදිවාසින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඔය ඇත්තො කතා දානවා. නමුත් ගුවන් යානාවේ මගේ ආභරණය මා ළඟ තියාගෙන යන්න බැරි තත්ත්වයක් තිබෙනවා. මේක අපේ අයිතියක්. මේක මෙතැනින්ම උල්ලංඝනය වෙනවනම් මොකක්ද මේ අයිතින් ආරක්ෂා කරනව කියන්නේ’” කියලා මම ප්‍රශ්න කළා. එහි පිළිතුරු කතාවකදී අයෙක් කිව්වා, ‘හොඳයි එහෙම නම් ආරක්ෂා සහිතව තියාගන්න’ කියල .
තවත් මෙවැනි සිදුවීම් තියෙනවද ?
“ඔව්. දවසක් අම්පාර උසාවියට ගිය වෙලාවේ, පොලිසිය මට කිව්වා මේක අධිකරණයක් නිසා ආයුධයක් අරන් උසාවියට ඇතුළුවෙන්න දෙන්න බැහැ කියල. ඒනිසා පොෙරාව එළියෙන් තියල ඇතුළට යන්න කියල. එතකොට මං කිව්වා, මට පොෙරාව නැතිව නම් යන්න බැහැ. එහෙනම් මගෙන් ප්‍රශ්න කරන්න තියෙන දේවල්, නඩුකාරතුමාට එළියට ඇවිත් අහන්න කියල කියන්න කියල මං කියල මම එතැනිම හිටියා. පොලිස් නිලධාරියා ගිහින් නඩුකාරයට මේ බව කිව්වම එතුමා අවසර දුන්නා පොෙරාව කරේදාගෙන ඇතුළට ගිහින් නඩුවට සහභාගි වෙන්න කියලා. මම පොෙරාවත් කරේ එල්ලාගෙන ගිහිල්ල රැහේ අය වෙනුවෙන් එම නඩුවට පෙනී සිටියා.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේත් මෙහෙම ප්‍රශ්නයක් වුණා නේද ?
“ඔව්, පාලිත හූරට මතකයිනේ. ඔබතුමත් මාත් එක්ක ගියානේ. බදුල්ල හිටපු මහ දිසාපතිතුමත් මහියංගණය ප්‍රාදේශීය ලේකම්තුමත් හිටියා.
අපි මහනුවරට ගියේ ආදිවාසීන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවකට. අපි හිතුවා දළදා වහන්සේ වැඳපුදාගෙන සාකච්ඡාවට යන්න. පුරුදු පරිදි මමත් රැහේ කීප දෙනෙකුත් පොෙරාව කරේ පැලඳගෙන දළදා මාලිගාවට යන්න හදනකොට, පොලිස් නිලධාරින් ඊට ඉඩ දුන්නේ නැහැ. මාලිගාවට පොෙරාව අරන් යන්න දෙන්න බැහැ කියල පොලිස් නිලධාරියෙක් කිව්වා. මම ඒ වෙලාවෙත් කිව්වා, මේක ආයුධයක් නෙවෙයි, මේක ආදිවාසින්ගේ ආභරණක් කියලා. ඒ නිසා පොෙරාවත් එක්ක යන්න දෙන්න කියල. රජතුමා කඩුව එක්ක මාලිගාවට ගියානේද? කියලත් මං ප්‍රශ්න කළා. මේ කතා බහ යද්දි, බස්නායක නිලමේ තුමාට දැනගන්න ලැබිලා එතුමා වහාම ඇවිල්ලා මාව පිළිගෙන පොෙරාවත් සමගම මා දළදා මාලිගාවට කැඳවාගෙන ගියා.
ඉතින් ඊට පස්සේ අද වෙනකල් දළදා මාළිගාවට පොෙරාව පැලඳගෙන යාමට බාධාවත් ඇතිවුණේ නැහැ. උසාවියෙත් එහෙම
ප්‍රශ්නයක් නැහැ.
ඡන්දෙපොළේ තමයි මේ ප්‍රශ්නය වුණේ.
ආදිවාසීන්ට මේ ගැටලු ඇතිවීමේ ආරම්භය ගැනද ආදිවාසී නායකවරයා විස්තර කළේය.
“ආදිවාසීන් කියන්නේ කැලේ ජීවත්වෙන මිනිස්සු. 1983අපට කැලේ අහිමි කෙරුවා. කැලේදි තමයි එදා අපේ වරිගේ බාල පරම්පරාව දැනුම, අත්දැකීම්, බුද්ධිය කියන දේවල් ලබාගත්තෙ. දැන් අවුරුදු 12 කට විතර ඉස්සර (අප්පිල ඇත්තෝ) අප්පච්චි එක්ක කැලේට ගිහින් තමයි මමත් මේ සියලු දේ අවබෝධකර ගත්තෙ. 1983 මාදුරුඔය වනෝද්‍යානයක් බවට පත්කිරීමත් සමග ඒ සියල්ල අහිමිවුණා. එහෙම එහෙම මේ පරම්පරාවේ තිබූ අයිතිවාසිකම් නැති කරමින් යනවා. දැන් ඉතුරුවෙලා තියෙන්නේ දුන්නයි, ඊතලයයි, පොෙරාවයි. දැන් ඒකත් අහිමිවෙන තැනට ඇවිල්ලා තියෙන්නෙ. මෙහෙම හරියන්නේ නැහැ. ජාතිකයක් හැටියට, පරපුරක් හැටියට, මේ ඕනෑම පරපුරකට නිදහසේ ජීවත්වීමේ අයිතියක් තියෙන්න ඕනැ. ඒ වගේම සංස්කෘතිය පවත්වාගෙන යන්න නිදහස තිබිය යුතුයි.
දැන් අපේ රටේ මේ සියල්ල අහිමිකර තිබෙනවා. ඒ නිසා පොෙරාව සමග ගොස් ඡන්දය භාවිතා කිරීමට ඉඩ නොදීමත් මේ නිසා බහුතරයක් රැහේ ඇත්තන්ට ඡන්ද අයිතිය අහිමිවීමත් පිළිබඳව මෙන්ම අපේ අයිතිවාසිකම් ඉල්ලා නඩු පවරන්න සියලු කටයුතු මේ වෙන විට සූදානම්කර තිබෙනවා.
මේ වෙන විටත් අපි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා’’ ආදිවාසී නායක වන්නියලැ ඇත්තො පැවසුවේය.
“ආදිවාසී අයිතිවාසිකම් වෙනුවෙන් මුලින්ම සටන ආරම්භ කළේ මගේ අප්පිල ඇත්තෝ, දිවංගත ඌරුවරිගේ තිසාහාමි ඇත්තෝ.
එතෙක් මෙතෙක් රටේ පාලකයෝ අපේ ප්‍රශ්න විසඳන්න ගත්ත සියලු උත්සාහයන් ව්‍යර්ථවී තිබෙනවා. අලුත් ජනාධිපතිතුමා මට තවම මුණ ගැහිල නැහැ. එතුමාත් මුණගැහිලා එතුමා සමගත් මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා විසඳුම් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා” යැයිද පැවසුවේ දෑතට දෑත තබා සිදුකළ සාම්ප්‍රදායික සමුගැනීමත් සමගය.
බදුල්ලේ පාලිත ආරියවංශ